මෛත්‍රීපාල සිරිසේනගේ අභියාචනාව විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක්?

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලික කරගෙන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්භන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනාව විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (23 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම නඩුව ඊයේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 26 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

ඒ පිළිබඳ දැඩි විරුද්ධත්වයක් දක්වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා අධිකරණයට පැවසූ අතර 2019.04.21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වු ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ වින්දිතයකු හා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...