මෛත්‍රීපාල සිරිසේනගේ අභියාචනාව විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක්?

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලික කරගෙන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්භන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනාව විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (23 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම නඩුව ඊයේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 26 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

ඒ පිළිබඳ දැඩි විරුද්ධත්වයක් දක්වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා අධිකරණයට පැවසූ අතර 2019.04.21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වු ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ වින්දිතයකු හා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එම නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...