*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

VTA සභාපති නටන්නේ ඇමති පුතාගේ වන්නමද?

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) තුළ රාජ්‍ය ආයතන ක්‍රියා පටිපාටියෙන් බැහැරව සභාපතිවරයාට සහ උප සභාපතිනියට අවශ්‍ය පරිදි එය හසුරුවමින් ආයතනය එකම අවුල්ජාලයක් බවට පත්කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

මේ වන විටත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ඉහළ පරිපාලන නිලධාරීන් කණ්ඩායමක් අනිවාර්ය නිවාඩු යවමින් සහ ස්ථාන මාරු ලබාදෙමින් සභාපතිවරයා කටයුතු කරමින් පසුවෙන බවයි වාර්තා වන්නේ.

මීට මස තුනකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස උපාලි කැප්පෙටිපොළ සහ උප සභාපතිනිය ලෙස රුවිනි ධර්මදාස පත්කර තිබෙන අතර එම ආයතනයේම මෙතෙක් සේවය කරමින් සිටින සුළුතරයක් වන කඩාකප්පල්කාරීන්ගේ සහයෙන් සභාපතිවරයා ක්‍රියාකරන බව සඳහන්.

විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපන පුහුණු ලබදෙන ආයතනයක් වන වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධානම කාර්ය භාරය පුහුණුව වුවත් දැන් ක්‍රියාත්මක වන්නේ දේශපාලන ඕනෑ එපාකම් බවටයි කියවුණේ.

ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම යැයි පවසමින් ආයතනය තුළම දීර්ඝ කාලීනව සේවය කරමින් සිටින ඉහළ නිලධාරීන්ට අස්ථාන චෝදනා ඉදිරිපත්කරමින් නිවෙස වලට කොටුකරමින් සභාපතිවරයා ආයතනික ක්‍රියාපටිපාටියෙන් බැහැරව පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් පසුවෙන බවත් ඒ තුළ මේ වන විට ආයතනයේ ප්‍රධානම කාර්ය බැහැර වෙමින් පැවතෙන බවත් සඳහන්.

ඒ අනුව එතෙක් ආයතනය තුළ සාර්ථක සහ සක්‍රීය සේවයක් ලබා දුන් ඉහළ පරිපාලන නිලධාරීන් දස දෙනෙකු පමණ මෙන්ම ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරමින් සිටි නිලධාරීන් ද සභාපතිවරයාගේ අවශ්‍යතාව මත හිතුමතේ ස්ථාන මාරු කර තිබේ.

උපාලි කැප්පෙටිපොල නමැති ඇමතිවරයාගේ නියෝජිතයා මීට ඉහතදී රජයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ පරිපාලන තනතුරක සේවය කර නොමැති අතර වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය භාර්ය සම්බන්ධයෙන් ඔහුගේ දැනුම අල්ප මාත්‍ර බවද එහි සේවකයින් පවසයි.

මෙලෙස ආයතනය තුළ නිසි කළමනකරණ ක්‍රියාකාරීත්වයක් නොමැති වීම මත මෙවර ශිෂ්‍ය ලියාපදිංචිය ද බලාපොරොත්තු වූ ලෙස සාධනීය මට්ටමක නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රටේ පුහුණු ශ්‍රම බලකාය නැංවීම උදෙසා පවතින මෙවන් වැදගත් සහ ප්‍රමුඛ පෙළේ ආයතන මෙලෙස වල්වැදීමට ඉඩ හසර ලබාදෙන්නේ කාගේ කුමන වුවමනාවකටද?

දිස්ත්‍රික් පරිසාධන මට්ටම පරික්ෂා කිරීම වෙනුවට සභාපතිවරයා ක්‍රියා කරමින් සිටින්නේ තමන්ගේ පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍රයක් නම් මෙවන් ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී මහජන විශ්වාසය බිඳ වැටීම අනිවාර්ය දෙයක් වනු ඇත.

ඇමතිගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයනුත් අමුතු සෙල්ලමක!

මේ අතර අමාත්‍යවරයා විසින් පත්කර තිබෙන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ද නිරන්තරයෙන් ආයතනය තුළ ගැවසෙමින් පරිපාලන තීන්දුවලට බලපෑම් කරමින් පසු වූ බවත් ඔවුන්ගේ ප්‍රවාහන කටයුතුවලට පවා වැයවෙමින් ඇත්තේ ආයතනයේ වාහන සහ ඉන්ධන බවත් සඳහන්. ඔවුන් ආයතන ව්‍යුහයෙන් බැහැරව තීන්දු තීරණ ගැනීමට බලපෑම් ද කර තිබේ.

පුහුණු ශ්‍රම බලකායක් ගොඩනගන අයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මෙලෙස නම ඒවායෙහි හෙට දවස ගැන විශ්වාසය තැබිය හැක්කේ කෙසේද?

සභාපති නටන්නේ ඇමති පුතාගේ වන්නමද?

රජයේ ආයතනවලට දේශපාලන ආශිර්වාදයද සහිතව මෙලෙස සභාපතිවරු පත්කරන්නේ ඒවා වල්වැදීමට ඉඩ දීමට නොවේ. ආයතනික ව්‍යුහයෙන් බැහැරව තීන්දු තීරණ ගැනීමටද නොවේ. පෞද්ගලික ව්‍යාපාර ප්‍රවර්ධනයටද නොවේ. එසේ කිරීමට නම් රජයක් යටතේ මෙලෙස රටට වගකියන ආයතන පවත්වාගෙන යා යුතු නොවේ. රටක අනාගතයට බලපාන මෙවන් ස්ථාන ආරක්ෂා කර ගැනීම ඒවාට පත්ව එන කොයිකාගේත් වගකීම විය යුතුය. එසේ නොකර පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකිරීම පිළිගත නොහැකිය. මෙවන් තත්ත්වයන් මේ රටට අලුත් නොවුණද කිසිලෙසකින්වත් ඒවා අනුමත කළ නොහැක. ආයතන ප්‍රධානීන් රූකඩ වන කලට එකී ආයතනයේ ප්‍රගතිය සම්බන්ධන්යෙන් පුරෝකථනවලට පැමිණිය හැකිද? වාර්තා වන පරිදි වෘත්තීය පුහුණු අධිකාරියේ වත්මන් සභාපතිවරයා නටන්නේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඇමතිවරයාගේ පුත්‍රයාගේ පදයට බවද සඳහන්.

රාජ්‍ය දේපල ඇමතිවරුන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල බූදලයන් නොවන අතර ඒවායේ අයිතිය මහජනතාව සතුය. ඒවා ක්‍රියාත්මක විය යුත්තේ මහජන හිතසුව පිණිසය. මන්ද එක් අතකින් ඔය ආයතන සියල්ල පාහේ නඩත්තු වන්නේ මහජන බදුමුදලින් වන හෙයිනි. වෘත්තීය පුහුණු අධිකාරියද ඉන් විතැන් නොවේ. සභාපතිවරුන්ට හෝ ඔවුන් මෙහෙයවන දේශපාලන හස්තයන්ට අවශ්‍ය පරිදි නම් කටයුතු සිදුවන්නේ එවන් ආයතන ගැන අනාගත සුභ සිහින දැකීම පලක් නොවනු ඇත. මෙලෙස වල්වැදෙන්නේ එක් ආයතනයක් නොව රටක අනාගතය බවද සිහිතබා ගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan