*
Monday, May 20, 2024
spot_img

Latest Posts

විවේචන, අපහාස, උපහාස වෙනුවට සක්‍රීය වැඩපිළිවෙලක්, පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් – සජිත්

ශ්‍රී ලාංකේය දේශපාලනය වර්ථමානයේ මුහුණදී සිටින්නේ,
අන් කවරදාටත් වඩා අතිශය තීරණාත්මක අවධියකටයි.

අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගෙවීයන 75 වසරක ඉතිහාසය තුළ,
ක්‍රියාත්මක කළ ඇතැම් තීන්දු, තීරණ හමුවේ, මෙරට දේශපාලනය හා ආර්ථිකය
විවිධ අවස්ථාවල පසුබෑමකට ලක්වූ බව සත්‍යයක් බව දනිමි.

එහෙත් මෙවන් බරපතළ කඩා වැටීමකට මීට පෙර කිසිදිනක අප
මුහුණදී නොතිබිනි.

මේ වන විට රට ආර්ථික වශයෙන්
බංකොලොත්භාවයට පත්ව ඇති අතර දේශපාලන
වශයෙන් රට පත්ව ඇත්තේ, බරපතළ විකෘති
තත්වයකටයි.

මෙම අර්බුදයෙන් අප ගොඩ යායුතුයි.
එයින් අපට ගොඩආ හැකියී.
ඒ සඳහා නිවැරිදි හා ශක්තිමත් ප්‍රතිපත්ති
රාමුවක් සහිත දේශපාලන ව්‍යාපෘතියක්
රට තුළ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම කළ යුතුව තිබේ.

ඒ සඳහා කතාව පසෙක තබා, ක්‍රියාවට මුල්තැන දෙන පිරිසක් තෝරා ගත යුතුය යන්න මගේ අදහසයි.

ඒ තුළින් හඳුනාගත් ක්ෂේත්‍ර සඳහා නොවෙනස් ප්‍රතිපත්ති රාමුවක් සකස් කර,
නිසි කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම සදහා හැකියාව,
කුසලතාවය සහ කැපවීම සහිත කණ්ඩායමක් තෝරාගත යුතුව ඇත.

එය කළ යුත්තේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු කරමින්,
ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ සිට බව මාගේ තහවුරුවයි.

75 වසරක් රට පත්ව ඇති තත්ත්වය විග්‍රහ කිරීම්, අතීත ක්‍රියාමාර්ග විවේචන කිරීම්, ඇති තරම් අප අසා ඇත.
එහෙත් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ දැක්මක් කිසිවෙකුත් ඉදිරිපත් කර ඇති බවත් පෙනෙන්නට නොමැත.

සමගි ජන බලවේගය පෙනී සිටින්නේ
නිසි වැඩපිළිවෙලත්, හැකියාවත්, කුසලතාවයත් සහිත කණ්ඩායමක්
හරහා රට ගොඩ නැගීමේ ක්‍රියාදාමයටයි.

අප විවේචන පසෙකින් තබා ක්‍රියාවට මුල්තැන දෙන කණ්ඩායමක් බව, ආණ්ඩු බලය නොමැතිව
විපක්ෂයේ සිටිමින් මේ වනවිටත් ඔප්පු කොට ඇත.

බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින්, ගෝලීය
ප්‍රජාව හමුවේ ගිලිහී ගිය ජාතික අභිමානය යළි
අත්පත් කරගනිමින්, අප අධිෂ්ඨාන පූර්වක
ගමනකට ඉදිරියේදී සූදානම් විය යුතුය.

වර්තමානයේ බොහෝ දියුණු රටවල් ඉතිහාසයේ
බරපතල ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් බව අපි දනිමු.

එම අභියෝග ජයගෙන
සාර්ථකත්වය උදා කරගන්නට එම රටවලට හැකියාව
ලැබුණේ, ගැටලුව නිසියාකාරව වටහාගෙන ඊට
විසඳුම් සොයන අතරේ, අනාගතය පිළිබඳව පැහැදිලි
දැක්මක් සහිතව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක
කිරීම තුළිනි.

අපට ආසන්නතම රට වන ඉන්දියාවද,
ඊට කදිම උදාහරණයකි.

1990 දශකයේ මුල් භාගයේ
බරපතල ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ පා, කඩා
වැටීමේ තර්ජනයට ලක් වූ ඉන්දියානු ආර්ථිකය දැඩි
ප්‍රතිසංස්කරණවලට ලක්කිරීමට ගත් කඩිනම් සහ
නිර්භීත තීන්දු තීරණ නිසා අද වනවිට ලොව
ප්‍රබලතම ආර්ථිකයකට හිමිකම් කියමින් සිටී.

අපද ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුය.

එහිදී, ආර්ථික, අධ්‍යාපන සහ සෞඛ්‍යය යන අංශයන්ට මූලිකව අවදානය යොමු කරමින්,
කඩිනම් ප්‍රතිපත්තිමය ප්‍රතිංස්කරණ හඳුන්වා දිය යුතු බව අපගේ අදහසයි.

ආර්ථිකය –

බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී, පෞද්ගලික ව්‍යවසායකත්වයට සහ
වෙළෙඳපොළ තරගකාරීත්වයට ඉඩකඩ විවෘත කළ යුතු බව අපගේ අදහසයි.
විනිවිද පෙනෙන, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් හරහා
රාජ්‍ය අංශයේ ව්‍යාපාරවලට මෙන්ම පෞද්ගලික අංශයේ
ව්‍යාපාරවලටත් නිදහසේ තරග කිරීමට අවකාශය
ලබාදිය යුතුවේ.

ආර්ථික වර්ධනය සඳහා අපට හොඳම
අවස්ථාව පවතින්නේ, ගෝලීය වෙළෙඳපොළ ඉලක්ක
කරගත් ආර්ථික සංවර්ධන මූලෝපායයන් තුළ බවත්, ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාලීමේදී
සම්පත් හා හැකියාවන් සහිත ක්ෂේත්‍ර අප හඳුනාගත යුතු බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරයයි.

අධ්‍යාපන –

කන්නංගර චින්තනය අනුව යමින්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය
දක්වා නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි නොකරමින්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීමට ජාතික වැඩපිළිවෙළක්ක්‍ රියාත්මක කළ යුතු බව අපගේ ප්‍රතිපත්තියයි.

අනතුරුව පැසැලෙන් පිටවන සහ රැකියා විරහිත තරුණ පරපුර
විදේශ රැකියා ඉලක්කගත නිපුණතා සංවර්ධන පාඨමාලා සඳහා යොමු කළ යුතු බව, අපි විශ්වාස කරන්නෙමු. ඒ ඔස්සේ නිපුණතාවයෙන් හෙබි ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමෙන්,
ආයෝජනය අවස්ථා සොයන දෙස්, විදෙස් ව්‍යාපාරිකයින්ටත්
පහසුවක් වනු ඇති.

සෞඛ්‍ය –

රටක ඉදිරිගාමීත්වය රඳා පැවතීමට සෞඛ්‍ය සම්පන්න පරපුරක් වැදගත්ම සාධකයක් බව නොරහසක්.
ඒ අනුව සෑම පුරවැසියෙකුටම නිදහස් සෞඛ්‍ය සඳහා ඇති අවස්ථාව අප තහවුරු කළ යුතු අතර,
සෞඛ්‍ය පහසුකම් හා සේවාවන් රටේ සෑම ප්‍රදේශයකටම සාධාරණ ලෙස බෙදීයාමට සැලැස්වීම රජය සතු වගකීමක්. ඒ සඳහා අප සෑමවිටම පෙනී සිටින අතර, නියාමනයන්ට යටත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි සෞඛ්‍ය උපකරණ හා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත දිරිගැන්වීමද අපගේ අරමුණු අතර මුල්තැනක් ලබාදෙන කාර්යයක්.

රාජ්‍ය සේවය –

රාජ්‍ය සේවකයා දැනුමෙන් හා තාක්ෂණයෙන්
සන්නද්ධකර කාර්යක්ෂම රාජ්‍ය ‌සේවයක් ස්ථාපිත කිරීම රටක කාල කළමණාකරණයේ මූලික කරුණක් ලෙස අප හඳුනාගෙන තිබේ. ඒ තුළින් දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකිවේ.
ඒ සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට අප ආයෝජනය කළ යුතු අතර, ඊට අවශ්‍යය යටිතල පහසුකම්
හා ඊට අවශ්‍යය අධ්‍යාපන පහසුකම් වර්ධනය කිරීමත් රජයේ වගකීමක් ලෙස සලකා ක්‍රියා කිරීම අපගේ දැක්මයි.

කෘෂිකර්මය –

ඉතිහාසය පුරා කෘෂිකාර්මික සමාජ පසුබිමකට හිමිකම් කියන අප ඉන් බැහැර නොවී, එය හෙට ලොවට ගැලපෙන ලෙස නවීකරණය කළ යුතු බව අපගේ අදහසයි.
ඒ අනුව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවත්, ඒ තුළින් ආහාර සුරක්ෂිතභාවය, නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ගොවියාට හිමිකරදීම සහ
අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අප විශ්වාස කරන්නෙමු.

2020 වසරේ ඇරඹි සමගි ජන බලවේගය, මේ වනවිට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරයි.
රටේ විවිධ තීරණාත්මක අවස්ථාවල සෘජු ස්ථාවරයන්හී පිහිටමින්, බලයට වඩා ජනතා මතය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ උත්තුංග අරමුණින්
සාම්ප්‍රධායික් විපක්ෂයට තිත තබමින්, ජනතා පරමිධිපත්‍ය සහ මානව අයිතීන් ගරු කරන විපක්ෂයක් ලෙස රටත්, ජනතාවත් මුහුණදී සිටින අවිනිෂ්චිතබවින්
මුදාලීම සඳහා නායකත්වයදීමට අප සූදානම්.

විවේචන, අපහාස, උපහාස වෙනුවට, සක්‍රීය වැඩපිළිවෙලක්, පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක්, ජනතාව සමඟ ඒකාබද්ධ වැඩපිලිවෙලක්.

නිරුත්තර රටක – උත්තරය

~ සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan