ජනාධිපති විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතයි.

පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව සඳහන්.

මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිත බවත් වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...