බස්නාහිර රගර් එක්ක පාසල් දරුවන්ගේ ජීවිත වර්ණ ගන්වන්න නිපොන් එයි

Date:

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කරමින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය, ශ්‍රී ලංකා රග්බි සහ නිපොන් පේන්ට් ආයතනයේ ආශිර්වාදය ඇතිව කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමට පියවර ගනිමින් තිබෙනවා.

එම කාර්යය අරඹමින් ජනවාරි 25 වන දින නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේදි හතර වසරේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන ආරම්භ කළ අතර ඉදිරියේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහාද මෙම කාර්යය ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව සංවිධායකයන් පවසා සිටිනවා.

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඩීන් සහ භාණ්ඩාගාරික අක්‍රම් බූසෝ ද සමඟ Nippon paints  නියෝජනය කරමින් ලක්ෂිත සහ ධනුෂ්ක යන මහත්වරු ද  එම අවස්ථාවට සහභාගි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...