අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු හමු වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි

Date:

සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු අතර හමුවක් ඊයේ (26) පැවති බව ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වූයේ දෙරට අතර ආර්ථික සබඳතා සහ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීමට විශාල හැකියාවක් තිබෙන බවත් ඒ හේතුවෙන් සෞදි අරාබියාව ආයෝජන අවස්ථා සහ සියලු දේ සැලකිලිමත් බවත් අලි සබ්රි මහතා ඇරැබ් නිව්ස් වෙත පෙන්වා දී ඇති අතර සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව, විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලනු ඇති බවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සළකා බලනු ඇති බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව මහද්වීපය සඳහාම ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය විය හැකි බවත් අලි සබ්රි මහතා එහිදිඔ මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...