ආණ්ඩුව තලා පෙළන්න හදන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන්වයි – දුමින්ද නාගමුව

Date:

ආණ්ඩුව මේ සිදුකරමින් සිටින්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන්ව තලා පෙළා දැමීමේ කටයුත්ත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

“2020 වසරේ දී ලියාපදිංචි සමාගම් 60721කින් රුපියලක් හෝ ‘සමාගම් බදු’ ගෙවා තිබෙන්නේ සමාගම් පහළොස් දහස් හැට නමයක් පමණයි. ඒ කියන්නේ 75.2%ක් බදු ගෙවලා නෑ.

ඒ වගේම 2020 වැට් ලිපිගොනු 62765කින් රුපියලක් හෝ ගෙවා ඇත්තේ දහ දහස් හයසිය දෙකයි. අනිත් අය එකතු කරගත් වැට් පවා ගෙවා නෑ. 2021 වසරේ දී සමාගම් 105000කින් රුපියලක් හෝ සමාගම් බදු ගෙවා තිබෙන්නේ සමාගම් දහසය දහසක් පමණයි. මේවා අය කරගන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ වගේම වුවමනාවකුත් නෑ. කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ප්‍රබලම සමාගම් 100ක වාර්ෂික ශුද්ධ ලාභය කෝටි විසි දහසක් පමණ වෙනවා.

එවැනි සමාගම්වලිනුයි බදු අය කර ගත යුත්තේ. ලෝකයේ එවැනි බදු අයකර ගත් අවස්ථාවලට උදාහරණ තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව තලා පෙළන්න හදන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන්වයි. මේක ඉතාම සාර්ථක බදු ප්‍රතිපත්තියක්. ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැසී යන ආකාරයේ බදු ප්‍රතිපත්තියක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ බදු ප්‍රතිපත්තියට විරුද්ධයි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...