ඇප ලැබී නැවතත් බන්ධනාගාර ගත වූ වසන්ත මුදලිගේ

Date:

පසුගිය වසරේ ජුනි 20 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සහ මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර හා විරෝධතා නොපවත්වන ලෙසට තම අධිකරණය විසින් නියෝග කර තිබියදීත් එකී අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් තම අභිමතයට අනුව හැසිරීම යන කරුණු මත පවරා තිබූ නඩුවේ සැකකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) නියෝග කළ මුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 89ක් රඳවා තබාගෙන සිටි ඔහු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ලබන 31 වැනිදා වනතුරු මේ වනවිටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...