අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද

Date:

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලී වංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද පැවැත්වෙයි.

ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික ජය ශ්‍රී මහ බෝධි මහ මඵවේදී පස්වරු 2.30 ට එම උත්සවය පැවැතවේ. අභිනව අටමස්ථානාධීපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේට විජිනිපත පිළිගන්වයි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්‍ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයෝ තානාපතිවරු සහ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරු ඇතුඵ පිරිසක් එක් වෙති. තායිලන්තයේ සිට මෙරටට වැඩමකළ භික්ෂුණීන් වහන්සේ ද මීට සහභාගී වෙති. තායිලන්තයේ සිට ගිහි දායක දායිකාවන් 28 දෙනකු පැදැණ ඇති අතර එම පිරිසද අනුරාධපුරයේ පැවැත්වෙන මෙම පුණ්‍යමහෝත්සවයට සහභාගි විමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...