හෙලිකොප්ටර් මණ්ඩලේ කචල් : සම සමාජය එළියට තල්ලු කරයි !

Date:

අලුතින් පිහිටුවන ලද ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂ ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලසසප නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

උත්තර ලංකා සභාගයේ සාමාජික පක්ෂ 7න් ප්‍රධාන පක්ෂයක් ලෙස ලසසප තිබුණත් පෙරේදා (27) පැවති එම සභාගයේ මංගල මැතිවරණ රැස්වීමට තම පක්ෂයට වචනයකින් හෝ ආරාධනා කර නොතිබුණු අතර එවන් රැස්වීමක් තිබුණු බවක් තමන් දැනගත්තේ ද පසුදින බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හෙලිකොප්ටරය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයින් රැසකටම එම අවස්ථාව ලබාදී නොමැති බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.

“උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවා ඇති නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ කිරිම සඳහා අප ඉදිරිපත් කළ අපේකෂකයින් රැසකට අවස්ථාව ලබා දීල නෑ. මේ විදිහට බලන කොට අපේ පක්ෂයට අනෙකුත් පළාත්වලත් මේ හා සමානව කැපිලි දාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි ඉල්ලූ අපේක්ෂකයින් තුනක් වත් ලැබුණේ නෑ. සම සමාජ පකෂයට බලය තියෙන මාතර දිස්ත්‍රික්කයෙනුත් අපේ අපේක්ෂකයින් ඉවත් කරල තියෙනවා. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ සම සමාජ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි”

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...