වසන්ත මුදලිගේ ත්‍රස්ත චෝදනාවලින් නිදහස් කිරීම සහ ඊට සමඟාමීව පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය! (ඡායාරූප)

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තබාගෙන සිටීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඔහුව එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කර ඇත.

ඊට සමඟාමීව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්විණි.

පසුගිය අරගල සමයේ සිද්ධීන්ට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේව අත් අඩංගුවට ගැණුනේ 2022 අගෝස්තු 18 වනදා ය.

එසේවෙතත් ඔහුට අදාළව පවතින වෙනත් නඩු කටයුත්තකට ඇප ලැබී නොමැති නිසා මෙසේ ඔහුව යළිත් බන්ධනාගාරය කරා රැගෙන ගොස් ඇත.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමික කොළ දිනවා කොළ දල්වයි

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වූ...

මානව හිමිකම් සංවිධාන වලින් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 17 කොළඹ LNW : ඊයේ දිනයේදීත් (16)...

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...