රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කළ යුතු යි – ජූලි චන්ග්

Date:

රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කළ යුතු බව අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර හා සිදු කර ඇති අපහසු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, සියළු රටවල සහයෝගයෙන් ජාත්යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බවයි.

අමෙරිකානු තානාපතිනිය හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය පවසා ඇත්තේ රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවය.

අවශ්‍ය සෑම සහයෝගයක්ම අමෙරිකානු රජය විසින් තවදුරටත් ලබා දෙන බවත්, ජාත්‍යන්තර ණය හිමියන්ගේ සුබවාදී තීරණ හමුවේ ශ්‍රී ලංකාව වඩාත් ස්ථීරසාර ආර්ථිකයක් ඉතාම ඉක්මනින් ළඟා කරගනු ඇති බව තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...