මහින්දානන්දගේ අභියෝගය හරීන් බාර ගනී – රූපවාහිනී විවාදයකට සූදානම් !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවෘත විවාදයක් සඳහා කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වෙන කල්තැබීමේ විවාදයට සහභාගිවෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් සිටියදී නැගීසිටි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, හරීන් ප්‍රනාන්දු මහතා දිගින් දිගටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරන බැවින් ඔහුට විවෘත රූපවාහිනී සංවාදයකට එන්නැයි අභියෝග කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින්, විවාදය සඳහා සිදුකළ අභියෝගය බාර ගැනීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ‘පාස්කු ප්‍රහාරය ගැන අපි අපේ සාක්කි අරගෙන එන්නං. ඔයාලා ඔයාලගෙ සාක්කි අරගෙන එන්න. අපි හැප්පිලා බලමු.’ යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ විවාදවලට තමා බිය නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...