ගම හදා රට හදමු. සෑම පළාත් පාලන ආයතනයකටම සංවර්ධන සැලසුමක් – සජිත් (VIDEO)

සමගි ජන බලවේගය විසින් හැම පළාත් පාලන ආයතනයකටම සංවර්ධන සැලසුමක් සකස් කර ඇති බවත් ඒවා බිම් මට්ටමේ නිර්මාණාත්මක අදහස්වලින් සමන්විත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව ග්‍රාම සේවා වසම්, කුඩා ගම්මාන කේන්ද්‍ර කර ගෙන ගම හදා රට හදන්න, නගරය හදා රට හදන්න සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

රටේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති අවස්ථාවක බංකොලොත් රට ගොඩ ගැනීමට ඇති එකම විසදුම සමගි ජන බලවේගය බවත් ආගම්, ජාති, කුල මල භේදයකින් තොරව සැවොම එකට එකතු වී රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා කල්කුඩා හි පැවති සජබ ප්‍රචාරණ රැළියක් අමතමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...