225 දෙනාගේ පඩි මාස දෙකක් නවත්තලා හරි ඡන්දය පවත්වන්න – වී. රාධා ක්‍රිෂ්ණන්

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව ඔහු සඳහන් කරයි.

“මැතිවරණ කන්තෝරුව ඒ අය සුදානම් කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ට්‍රෙෂරි එක සල්ලි දුන්නේ නෑ කියලා ඒ අය චෝදනා කරනවා. පොලීසිය එස්ටිමේට් එකක් එවලා තියෙනවා. ඒක වැඩියි කියලා ආපහු එවලා. මේවගේ පරස්පර විරෝධය පෙන්නලා, ඒ අය කොහොම හරි මේක කල්දාලා නවත්ත ගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මම නම් කියන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. ඒකට ඡන්දයක් ඕනේ. ඒ ඡන්දය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස මේ 225 දෙනාගේ පඩි මාස දෙකක් නවත්තලා හරි ඡන්දය පවත්වන්න ඕනේ. මම නම් සුදානම් මගේ පඩිය දෙන්න. අනිත් අය කොහොමද මම දන්නේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...