පොලීසියට එරෙහිව අන්තරේ වසන්තගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්! (VIDEO)

Date:

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් අද (07) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාරදුන්නේය.

දින 167කට ආසන්න කාලයක් අත්අඩංගුවට ගෙන බොරු සාක්ෂි නිර්මාණය කරමින් මර්දනය කිරීමට උත්සහ ගැනීමට එරෙහිව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම කෙබඳුද යන්න නිරීක්ෂණය කරමින් සිටින බව ඔහු සඳහන් කරන ලදී.

සැබෑ ලෙසම අත්අඩංගුවට ගත යුතු තක්කඩි නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ පියවර ගත් හැටි පෙනෙන්නට තිබුණු බවයි ඔහු කියා සිටියේ.

”ලිබරල් අර්ථයෙන් ගත්තත් නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ පොලීසිය කියන කියන ඔක්කොම කරන්න ඉන්න එක නෙවෙයි. ආණ්ඩුව කියන කියන එක කරන්න ඉන්න එක නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි පහුගිය කාලේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුව කළේ ආණ්ඩුව හුරතල් කරන තීරණ ප්‍රමාණයක් ගත්ත එක. ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...