CID ය ගෝඨාභයගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව පෙරේදා (06) දිනයේදී CID නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ, පසුගිය අරගල සමයේදී අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් මොහොතේ එහි තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී හමුවූ මෙම විශාල මුදල අරගලකරුවන් විසින් පොලීසියට භාරදී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...