අපේ ගෙවල් ගිනිතියපු, මන්ත්‍රීවරයකු ඝාතනය කරපු අයට සම්බන්ධ පිරිස් ජාජබෙන්, සජබෙන් ඡන්දේ ඉල්ලනවා: නාමල්

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග කරන අපේක්ෂකයන් දැනුම්වත් කිරීම සඳහා ගාල්ල සමෝදා උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතනු ලැබූ අතර අනතුරුව ඔහු මාධ්‍යවේදීන් අමට්ගා මෙසේ කීය..

“අපේ ගෙවල් ගිනිබත් කළා. මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා. මේ දෙකටම සම්බන්ධ පුද්ගලයන් ජාතික ජන බලවේගයෙන් සහ සමඟි ජන බලවේගයේ අපේක්ෂකයන් ලෙස ඡන්දය ඉල්ලනවා”

“අපේ පාක්ෂිකයන් මර්දනයට, තර්ජනයට බිය වන්නේ නැහැ. මානසික සහ කායික වශයෙන් ඉතා ශක්තිමත්, ගමට වැඩ කරපු පක්ෂයක් හැටියට පොදුජන පෙරමුණට මෙම ඡන්දය ජය ගත හැකියි. දේශපාලන අර්බුදයක් තිබේ නම් එය දේශපාලනයෙන් විසඳා ගත යුතුයි. පාක්ෂිකයන් බිය ගන්වා ඡන්දය ගැනීමට උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණයි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...