බනින්න හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරුණේ ජනාධිපතිතුමා නිසා – වේඬරුවේ උපාලි හිමි (VIDEO)

ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෝෂාරෝපණ කරන නමුත් ඔවුන්ට එසේ දෝෂාරෝපණය කිරීමට හෝ කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරාගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා නිසා බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි පවසයි.

“මිනිස්සු ජනාධිපතිතුමාටත් බනිනවා, කතාකරන අපටත් බනිනවා. හැබැයි මිනිස්සුන්ට බනින්න හරි මිනිස්සුන්ට රජයට දොස් කියන්න හරි ජනාධිපතිතුමාට දොස් කියන්න හරි මැරෙයි කියලා බයෙන් හිටපු මිනිස්සුන්ට එන්නත් තුනක්ම ලබලා දීලා බනින්න හරි ජීවත් වෙන්න සැලැස්වුවේ ජනාධිපතිතුමාය කියන එක පැහැදිලි කරන්න ඕනේ”

වේඬරුවේ උපාලි හිමියන් මේ බව පැවසුවේ පෙරේදා (21) පැවති බෞද්ධ උපදේශක සභා රැස්වීම අමතමිනි.

මීට පෙර, හිට්ලර් කෙනෙකු වී හෝ රට බේරාගන්නා ලෙස මේ හිමියන් කළ ඉල්ලීමක් ද මහත් ආන්දෝලනයට ලක්විය.

RN