ප්‍රාදේශීය සභාව, පාර්ලිමේන්තුව දිනා නොවැම්බරයේ ජනාධිපතිවරණයක් ගන්නවා – අනුර (VIDEO)

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයගැනීමෙන් අනතුරුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවත් ඉන් පසුව එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ජයග්‍රහණය කර 2023 නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් ද ලබාගන්නා බවත් ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ලෝකෙ රටවල් කැමති නෑ ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට උදව් කරන්න. දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා තුනකදී කිව්වා ඒගොල්ලන්ගෙ ණය සහන වැඩසටහන ඉස්සරහට යන්න නම් ජනතාවගේ කැමැත්ත විමසන්න කියලා, ජනවරමක් ඕනෙ කියලා. ජනවරමක් ආණ්ඩුවට නැති බවට මාර්තු 10 වෙනිදා සහතිකය අතට එනවා, අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙනවා. ප්‍රාදේශීය සභා, නගරසභා, මහ නගරසභාවලින් මේ ඉදිරියට තියන පියවර පාර්ලිමේන්තුව මොනවා වෙයිද ? කලා වැඩේ සොරොව්ව ඇරියා වගේ වෙයි. හා නැද්ද ? මේ ඔක්කොම ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ නිසා ලංකා ඉතිහාසයේ දූෂිත, විනාශකාරී පාලනයන්ට එරෙහිව ජනතාවගේ පාර්ලිමේන්තුවක් ගොඩනැගෙනවා ඊටපස්සෙ.

ප්‍රාදේශීය සභාවෙ බලය මාලිමාව, පාර්ලිමේන්තුවේ බලය මාලිමාව, හැබැයි ජනාධිපති රනිල්. මොකද කරන්නෙ ? රනිල් වික්‍රමසිංහට එක ලියුමයි අරින්නෙ. ඔයා ජනතාව විසින් තෝරා පත්කර ගත්තු ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඔයාගේ 134 වැඩි පංගුවක් එළියෙ. එහෙනම් ඔයාත් ඉන්න එක කැතයි නේද ? ඔච්චරයි යවන්නෙ. එතකොට මොකද වෙන්නෙ, ජනාධිපති ඡන්දෙ නොවැම්බර් මාසෙ අපට එනවා. මේ 2023 වසර ලංකා ඉතිහාසයේ සිද්ධ වෙන දැවැන්තම දේශපාලන පෙරළිය සිද්ධ වෙන වසර”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) හොරණ දී පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...