ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පරතා ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවසයි …

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කර තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමටයි .

ඒ අනුව ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා දක්නට ලැබුණු බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිත අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්පසුව පැමිණිල්ල පෙබරවාරි මස 20වැනිදා කැඳවීමට ද නියම කෙරුණි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිරුරේ නිදර්ශක පරීක්ෂා කිරීමට හෝ විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම් ඒවා සංරක්ෂණය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලදී..

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...