ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පරතා ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවසයි …

Date:

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කර තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමටයි .

ඒ අනුව ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා දක්නට ලැබුණු බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිත අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්පසුව පැමිණිල්ල පෙබරවාරි මස 20වැනිදා කැඳවීමට ද නියම කෙරුණි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිරුරේ නිදර්ශක පරීක්ෂා කිරීමට හෝ විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම් ඒවා සංරක්ෂණය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලදී..

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...

හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 16) දිනයේදී උතුරු,...