අහසින් ගිය අමුතු වස්තු සොයා අවසන්!

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): එක්සත් ජනපදය විසින් ඉකුත් දින ගුවනේදී දුටුවේ යැයි කියන නාඳුනන වස්තූන් දෙකකට වෙඩි තබා පොළවට පතිත කළ පුවත සමාජ මාධ්‍ය කැළඹීමට සමත් වූ අතර, පිටසක්වල ජීවීන් හා පිටසක්වල යාත්‍රා පිළිබඳ කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් බොහෝ වාචික වූ කාලවකවානුවක් ලෙස ද ඉකුත් සති කිහිපය හැඳින්විය හැකිය.

මේ වන විට එක්සත් ජනපදය විසින් වෙඩි තබා පොළවට පතිත කර එම හඳුනා නොගත් වස්තූන් සඳහා කළ සෝදිසි මෙහෙයුම් අවසන් බව වාර්තා වේ.

මෙම වස්තූන් චීන ඔත්තු බැලූන බවටයි සැකකෙරෙන්නේ. පෙන්ටගනය විසින් ද මෙම වස්තූන් මොනවා ද යන්න පිළිබඳව ඊට වඩා වැඩි තොරතුරක් ලබා දෙන්නේ නැත.

මෙලෙස වෙඩි තැබූ වස්තූන්වල සුන්බුන් සෙවීමේ මෙහෙයුම් මඟින් කිසිවක් සොයාගෙන නොමැති බවත්, ඇලස්කාවේ ඩෙඩ්හෝර්ස්, සහ හුරොන් විල අසල සෝදිසි මෙහෙයුම් අද (18) අවසන් කරන ලෙස එක්සත් ජනපද උතුරු විධානය නිර්දේශ කළ බවත් පෙන්ටගනය පවසයි.

මෙකී හඳුනා නොගත් වස්තූන් වලට එක්සත් ජනපදය විසින් වෙඩි තබා පොළවට පතිත කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 10 වන දින සහ 12 වන දෙදින තුළය.

ඡායාරූප: GETTY IMAGES

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...