පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය – මෛත්‍රී කියයි.

ඊයේ (17) කළුතර පැවති ජන හමුවකට එක්වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ , පාස්කු ප්‍රහාරයෙන් ටික කලකට පසු තමාට බලයෙන් අයින් වීමට සිදු වූ බවත් එනිසා එහි වැරදිකරුවන් කවුදැයි කියා සොයා ගත නොහැකි වූ බවයි.

“මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා.

මම ඒකටත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. එකේ වැරදිකාරයෝ කවුද කියලා හොයන්න. හැබැයි ඒ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා කාලයක් යනකොට මම බලයෙන් අයින් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා 2019. ඒ ජනාධිපති කොමිෂන් සභාව මම බලයේ හිටියා නම්, එහෙම වාර්තාව අවසන් කරලා, ආණ්ඩුවට වාර්තාව භාරදෙන විට ඔය මම පිළිබඳ කළ නිර්දේශය කිසිසේත්ම නිර්දේශ නොකරණ බව මා ඉතා හොඳින් දන්නවා.

ඒවාට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇතැම් ආගමික නායකයින්, මම දූෂණ වංචා හොයලා නඩු දාපු අයට මා කෙරෙහි තිබුණ වෛරය, ඒ වගේම IS සංවිධානය ලංකාවේ ඇතැම් අය සමග තිබුණු සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළ.. විශේෂයෙන්ම අපේ ඒ කාලසීමාව ගත් විට නිදොස් කොට කට්ටිය නිදහස් වුණා වගේම පහුගිය දවස්වල මම කෝටි 10ක් ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...