වසර 09 කට පසු යූටියුබ් ප්‍රධාන විධායක නිලධාරී සුසෑන් තනතුරින් ඉල්ලා අස්වෙයි!

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරිනී සුසෑන් වොයිචිට්ස්කි (Susan Wojcicki) තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.

වසර 09 ක කාලයක් පුරාවට යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හෙබවූ සුසෑන් මහත්මිය පෝලන්ත-ඇමරිකානු ජාතික කාන්තාවකි.

ඇය බ්ලොග් අඩවියක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තමා ධුරයෙන් ඉල්ලා අස්වූ පසු මීළඟට යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී බවට පත්වන්නේ එහි ප්‍රධාන නිශ්පාදක නිලධාරී ලෙස සේවය කළ නීල් මොහාන් මහතා බවයි.

54 හැවිරිදි සුසෑන් මහත්මිය, තම පවුලේ කටයුතු, සෞඛ්‍යය සහ පෞද්ගලික ව්‍යාපෘති කිහිපයක් කෙරේ අවධානය යොමුකරමින් සිටින බැවින් මෙලෙස තම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පවසා තිබේ.

සුසෑන් වොයිචිට්ස්කි මීට ඉහත ගූගල් සමාගමේ වෙළඳ දැන්වීම් මත පදනම් වූ නිශ්පාදන ඒකකයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනිය ලෙස කටයුතු කළ අතර, ඈ යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත්වූයේ 2014 වර්ෂයේ ය.

ඡායාරූප: Britannica

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...