ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර වියදම් කප්පාදු කරයි

Date:

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළුව ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාරවල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ චක්‍රලේඛය මේ සතියේදීම නිකුත් කෙරෙනු ඇති බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දුක් විඳිද්දී රාජ්‍ය නිලධාරීන් ද කැපකිරීම් කළයුතු බවත් රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රතිපත්තියට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරෙන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම චක්‍රලේඛය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ නිල විදෙස් සංචාරවලදී ඔවුන් නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද වියදම් සීමාවක් පැනවීමට නියමිත බවත් වාර්තා විය.

නිල විදෙස් සංචාරවලදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමේ වරප්‍රසාදය ලැබූ නිලධාරීන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, කැබිනට් ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්, නීතිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා ද විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...