බස් රථයක් අඩි 200 ක ප්‍රපාතයකට!

Date:

නෝටන්බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිරිපා වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ඊයේ රාත්‍රියේ එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී එම බස් රථය අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවද පොලීසිය පැවසුවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහරගම ප්‍රදේශයේ සිට සිරිපා වන්දනාවට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් බව තොරතුරු වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 23 දෙනෙකු ප්‍රතිකාර සදහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...