අවදානම් ගමනකට පෙර මදක් සිතන්න…

උඩුදුම්බර පොලීසිය ලැබුණු තොරතුරකට අනුව උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද තරණය කිරීමට ගොස් සිටි පිරිසක් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී අතරමංව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව, එම පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කල අතර එහිදි අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව ඇත.

ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල සංශෝධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ලංකා ඛනිජ තෙල් නීතිගත...

සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය හෙට වර්ජනයට නෑ

හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට තමන් කිසිදු...

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි නෑ: ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට (30) දිනයේ ක්‍රියාත්මක...

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ.

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා...