*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ශවේන්ද්‍රට එරෙහිව කරන්නාගොඩ කැකිල්ලේ තීන්දුව!

තමන්ගේ නඩුව තෙමේම අසන්නේ නම් ඒ නඩුවේ තීන්දුව කැකිල්ගේ රජුගේ නඩු තීන්දුවක් හැර වෙනකක් නොවේ.

නීතියේ මූලික සිද්ධාන්තයක් වන්නේ තමන්ගේ නඩුව තමන් නොඇසීමය. ලැදියාවන් සමග ගැටීමක් ඇතිබව විනිසුරු දැනගත් විගස ඔහු ප්‍රසිද්ධියේම තමා එම නඩුවෙන් ඉවත් වනබව කියන්නේ එබැවිනි.

මුළු ලොවම පිළිගන්නා මේ සිද්ධාන්තය ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපතිවරු තිදෙනෙකු දැන නොසිටිබව පැහැදිලිය. ඒ මැයි නවවැනිදා වු ප්‍රචණ්ඩකාරී ක්‍රියා හමුවේ හමුදාවේ ක්‍රියාකාරිත්වය සොයා බැලීමට ඒදවස ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද කමිටු සාමාජිකයන්ගේ පැටිකිරියෙනි.

එදින තම සොයුරා ඇතුළු තම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව පැන ආ මහජන විරෝධය මැඬපැවැත්වීමේදී හමුදාව ක්‍රියත්මක වු ආකාරය හා හමුදාව අතින් අතපසු වීමක් වුණාදැයි ගැන සොයා බැලීමට ජනපතිවරයා පත්කළේ තමාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳි සිටින තිදෙනෙකි. එම කොමිසමේ සභාපති වයඹ පළාතේ ජනපති නිල නියෝජිත එනම් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆීලිට් වසන්ත කරන්නාගොඩය. ජනපතිගේ බස්නාහිර පළාත් නිල නියෝජිත එනම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හා ජනපති විසින් පත්කරන ලද කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කොමිසමේ සෙසු සාමාජිකයන්ය.

වසන්ත කරන්නාගොඩ – දයා රත්නායකරොෂාන් ගුණතිලක

මේ තිදෙනා දරන, දෑරෑ තනතුරු අනුව ඔවුන්ට ස්වාධින වාර්තාවක් හැදන්නට හැකියාවක් නැත .ඒ ඔවුන් තිදෙනාටම ජනපති දරන මතයකට හා කියනවා මිසක් බැ කියන්නට බැරිය. බෑ කිවොත් තනතුර නැත.

හැරත් කොමිසමේ සභාපති නාවික හමුදාපති ධූරය දැරු කාලයේ, ඔහුගේ සමීප නාවික රැකවලුන් කප්පම් පිණිස දෙමළ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් බව කියන නඩුවකට සම්බන්ධ අයෙකි. ඒ සිද්ධියේ තරුණයන් මුදාගැනීමට එවකට ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරා ලිඛිතව වසන්ත කරන්නාගොඩගෙන් ඉල්ලීමක් කළේ නාවික හමුදා බාරයේ සිටින්නේ එල්.ටි.ටි.ඊ. පිරිසක් නොව තමන් බොහෝ කලකසිට ඇසුරු කරන තම හිතවතෙකුගේ පුතෙකු බව කියමිනි.

2008-2009 වසර වල කොළඹ පදිංචි  පිරිමින්  11 දෙනෙක් පැහැර ගෙන යාම

එහෙත් කරන්නාගොඩගේ රැකවල්ලු ඉස්සූ දරැවෝ ආපසු ආවේ නැත. මේ සම්බන්ධයෙන් දැන් අධිකරණයේ නඩුවක් ඇසේ. යම් හෙයකින් කරන්නාගොඩත් වැරැදිකරුවෙකු වුවහොත් ඔහු ගලවා ගැනීමට අන්තිමට ඇත්තේ ජනපති සමාවය.

මේ කොමිසමපත් කරන කාලයේ ගෝඨාභය ජනපති ධුරයෙන් ඉවත් වන පසුබිමක් තිබුණේ නැත. එසේ බලන විට ස්වකීය අනාගත ආරක්ෂාවට කරන්නාගොඩට ගෝඨාභය කියන දේ කරන්නට අවශ්‍යය. මින් පෙරද ගෝඨාභය, අහිංසක දෙමළ පවුලක් මැරීම නිසා මරණ දඬුවම හිමි වූ සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව දුන්නේය. එසේ බලන විට කරන්නාගොඩ වරදකරු වුවහොත් ගෝඨාභයගෙන් නිසැකයෙන් සමාව හිමි වනු ඇතට සැක නැත. මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති අයකුගෙන් යුත්තියක් ඉටු වන්නේ කෙසේද.

කරන්නාගොඩ කමිටුව පත්කළ ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු මැයි නවය සිද්ධියෙන් පසු යුද හමුදාපති ජෙනරාල් ශවීන්දා සිල්වා ඇතුළු යුද හමුදාව ගැන සිටියේ අප්‍රසාදයෙන් බව ප්‍රසිද්ධ රහසකි. ඊට හේතුව අරලිය ගහ මැදුර වටලන්නට ආ අරගලකරුවන්ට වෙඩි නොතැබීමය. ඒ වෙලාවේ මැදුර ඇතුලේ සිටියේ වසන්න කරන්නාගොඩ මහාමාර්ග ලේකම්ව සිටි කාලේ තම ඇමැතිවරයා වු මහින්ද රාජපක්ෂ. තමා නාවික හමුදාපතිව සිටි කාලයේ සිටි ජනපතිය. තමා ජපානයේ තනාපති කළ මහින්දය. එසේ බලන විට කරන්නාගොඩට ලැදියාවන් සමග ගැටීම හොඳටම ඇති බව පැහැදිය. එවැනි අයෙක් පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයට පත්කිරීම රාජපක්ෂ පවුලේ නඩුව රාජපක්ෂලාම අසාගැනීමකි.

රටේ නීතිය අනුව මෙවැනි සිවිල් සිද්ධියකදී වෙඩි තබනවානම් ඊට බලය ඇත්තේ පොලීසියට හා විශේෂ කාර්ය බළකායටය. එනමුත් ඔවුන් පස්ස ගසද්දී රාජපක්ෂ ආරක්ෂාව බාරව සිටි ඉහළම හමුදා නිලධාරියකු වෙඩි තබන්නට දුන් නියෝගය පහල නිලදාරීන් ප්‍රතික්ෂේප කළේ පොලීසිය එසේ නොකරද්දී තමට වෙඩි තැබිය නොහැකියැයි කියමිනි. රාජපක්ෂ හිතෛෂියකු වු දේශබන්දු තෙන්නකෝන් පවා ඒ වෙලේ කරඇරියේ යුද හමුදාවට වඩා ඔහුට නීත්‍යානුකූල හිමිකම තිබියදීය.

කෙසේ නමුදු 1971 කතරගම රෑප සුන්දරී ප්‍රේමවති මනම්පේරී ඝාතන නඩු තීන්දුවේ පැහැදිලිවම ඇත්තේ උසස් නිලධාරියකු අනීතිකව දෙන නියෝග පහල නිලයන් පිලි නොගතයුතු යනුවෙනි. ඒ ප්‍රේමවතිට තමා වෙඩි තැබුවේ තම ඉහල නිලධාරියා දුන් නියෝගය හමුදා විනය යටතේ ක්‍රියාත්මක කිරීමට තමා බැදීසිටින බවට සෙබළෙකු කී කතාව විනිසුරු ප්‍රතික්ෂේප කරමිනි.

තවද රතුපස්වලදි හමුදාව වෙඩි තබා තිදෙනෙකු ඝතනය කිරීමේ නඩුවේදී සාක්ෂි දුන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති කීවේ වෙඩි තැබීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබු බවත් පොලීසිය තත්ත්වය පාලනය කළ බවය. පොලීසිය හමුදාව නොකැඳවු බවය. ධම්මික පෙරේරා ගේ කම්හල ආරක්ෂා කිරීමට රතුපස්වලට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එහි ගියේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙසින් බව රහසක් නොවේ. මගේ මතකය නිවැරැදි නම් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක වැඩබාරගත් දිනයේ හෝ ඊට පසුදින වු මේ වෙඩි තැබීම හමුදාපතිගේ පාලනයෙන් තොර විය.

එහෙත් දැන් වෙඩිතැබිමට අණ දීම හේතුවෙන් විත්තිකරුවෙකු වි සිටින බ්‍රිගේඩියර් ගුණවර්ධනට සිද්ධි වි ඇත්තේ එල්ලුම්ගහෙන් බේරීමට අතින් ගෙවාගෙන නඩුවට යාමටය. ඊට හේතුව නෛතික පසුබිමක් නැතිව හමුදාව චෙඩි තැබීමය ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ මාධ්‍යවේදීන් ට පහරදීම් වලට සම්බන්ධයෙන් සැකපිටබ අත්අඩංගුවට ගත් බුද්ධි අංශ ලුතිනන් කර්නල් ප්‍රභාත් බුලත්වත්ත නඩු වලට පෙනීසිටියේ අතින් නීතිඥ ගාස්තු ගෙවමිනි. වරක් ඔහුගේ බිරිය මාතලේ ගෙදර සිට මුදල් ගෙනෙන තුරු නිතිඥයා උසාවිය ඇතුළට නොගොස් එලියේ සිටියේය. ඉහල අය කියන දේ කර අමාරුවේ වැටුණු අයට මේවා හොඳ පාඩම්ය.

වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදාපතිට සිවිල් ගැටුමකට එරෙහිව හමුදා බලය යොදවන ලෙස අණ කළ විට හමුදා ප්‍රධානියා එය ප්‍රතික්ෂේප කළේ තමා සිටින්නෙ ඇමරිකන් ව්‍යවස්ථාව රකින්නට මිසක් දේශපාලඥයන් රකින්නට නොවන බවය.

එසේ බලන විට කරන්නාගොඩ කොමිසමේ කියන විදියට ආරක්ෂක ලේකම් යුද හමුදාවට තත්ත්වය මැඬලීමට උපදෙස් දුන්නාට අනීතික කිසිදු ක්‍රියාවක් කිරීමට හමුදාවට බැරිය. ඇත්ත වශයෙන්ම යුද හමුදාපති ජෙනරාල් ශවින්දා සිල්වා ඇතුළු යුද හමුදාව එදා වෙඩි නොතැබිම ගැන මුළු රටේම ස්තුතිය හිමිවිය යුතුය. එදා යුද හමුදාව අරගලයට වෙඩි තැබුවානම් අද රනිල්ට පාලනය කිරීමට රටක් නැත. මහා විනාශයක් විමට ඉඩ තිබුණි.

ඒකතා කෙසේවුවත් මේ කරුණු වලින් පැහැදිලි වන්නේ හදිසි නිතිය නොමැති අවස්ථාවක හෝ පොලීසිය ඉල්ලීමක් කර නැති හෝ මහේස්ත්‍රාත් නියෝගයක් නැති අවස්ථාවක හමුදාවට සිවිල් ජනතාවට එරෙහිව අවි බලය පාවිච්චි කළ නොහැකි බවය. දෙසතියකට ඉහතදී යුද හමුදා බුද්ධි බළකා දෙදෙනෙක් බොරැල්ලේදි පුද්ගයකුට පිස්තෝලයක් පහර දී ඔහුට මාංචු දෑමද නීති විරොධි දෙයකි. මක්නිසාද යත් හමුදා පනතෙන් හමුදාවට එවැනි බලයක් පවරා දී නැති නිසාය .

කෙසේ නමුදු අද මැති ඇමැතිවරු  ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලන කරන්නාගොඩ කමිටු වාර්තාව නිත්‍යානුකූල ලියවිල්ලක් නොවේ. එය පාදක කරගනිමින් යුද හමුදා නිලධාරීන්ට නඩු පැවරිමට තියා කිසිවෙකුගේ මයිලක්වත් ගැලවිය නොහැක. ජනපති චන්ද්‍රිකා පත්කළ කොමිසමක නිර්දේශ මත සිරිසේන කුරේට එරෙහිව පොලීසිය පරීක්ෂණ ඇරැඹීමට එරෙහිව ඔහු ඉහළ අධිකරණට ගියේය. උසාවිය කිවේ කොමිසමේ සාක්ෂි වලින් මැරුනු මියකුවත් එල්ලිය නොහැකි බවය.

ගෝඨාභය පත් කළ අබේරත්න කොමිසමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අභියාචනාධිකරණයට ගියේය. එවිට නිතිපති කීවේ කොමිසමෙ ඔහුට එරෙහිව දුන් නිර්දේශය ක්‍රියාත්මක නොකරන බවය. රනිල් ව්ක්‍රමසිහත් මේ කොමිසමට එරෙහිව උසාවි ගියේය. ඊට නිතිපති පිළිතුරු බැන්දේ කොමිසමේ නිර්දේශය ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කියමිනි. මේ කොමිසම්වල සිටියේ කරන්නාගොඩ වැනි අය නොව ඉහල අධිකරණයේ විනිසුරුවෝය. එත් එම කොමිසම් නිර්දේශ වලට අධිකරණයෙන් තහංචි වැටුණි.

එසේ බලන විට මෙතෙක් පත් කළ ජනපති කොමිසම් නැතිනම් පරීක්ෂණ මණ්ඩල වලින් හොඳටම කළේ කරන්නාගොඩය. ජනපති කොමිසම් හා එවායේ නිර්දේශ වූකලි පුස් උණ්ඩය. ඒවා මහා පුවත් ලෙස ලිවීම හා හිතීම වුකලි පුවත්පත් කලාවේදින්ගේ හා මැති ඇමැතිලා, හමුදා නිලධාරින්ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයකි.

මූලාශ්‍රය: ද ලීඩර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan