මැතිවරණය කල්දැමීමේ කුමන්ත්රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවට පොලීසිය ජාල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේය.
විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙස සිට පාගමනින් පුරහර දෙසට ගමන් කිරීමත් සමඟයි එම ප්රහාර එල්ල වුණේ.
5000කට අධික පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර පොලීසිය විසින් නොනවත්වා කඳුළු ගෑස් හා ජාල ප්රහාර එල්ල කරන ආකරය දක්නට ලැබුණි.
එම ප්රහාරයන් සමඟ ඇති වූ නොසන්සුන්තාව නිසා පුද්ගලයින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කර තිබෙන බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ