*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

සංචාර සඳහා පිට්ටනියට බැසීම නවතා ටෙණ්ඩර් කැඳවීමකට යමු ද?

ගෙවුණු පෙරවාරි 21 සහ 22 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වුණේ උස්බෙකිස්තානයේ පැවත්වෙන යොවුන් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට ක්‍රීඩකයින් තේරීමේ තරගාවලිය ය.ලංකාව වටෙන්ම ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දියගමට ආහ.තැන තැන වැටී අඩු මිල නේවාසික පහසුකම් සමඟ ගුලී වී නිදා ගනිමින් ඔව්හූ දින දෙකම ගත කළහ.කොළම සහ ඒ අවට පාසල්වලට ප්‍රවාහන පහසුකම් ඇති අය රෑ ගොස් පසු දා උදෑසන ආ අවස්ථාද විය.
මේ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද විශාල වියදමක් දැරුවේය.එමෙන්ම ඉතා හොදින් අධ්‍යයනය කර ඒ ඒ ඉසව් සඳහා පරිසාධන මට්ටම් සකස් කළ අතර ඔවුන්ට සම්ප්‍රදායිකව වැඩක් නැහැ කියා සිතෙන රිටි පැනිම ඉවත් කර තිබුණත්,ඉහළ මට්ටමේ සිටින ක්‍රීඩකයෙක්ගෙන් ආ ඉල්ලීමක් පිට එය ද ඇතුළත් කෙරුණු අතර එම ඉසව්වෙන් පෑ දස්කම මත එම ක්‍රීඩකයාද තේරීණ.
මේ ආකාරයට තේරුණු ක්‍රීඩකයින් ගණන හයකි.ඒ හය දෙනා අතරින් කොළඹින් සිටින්නේ එක් අයෙකි.රිටි පැනිමේ ක්‍රීඩකයාද ආසන්න දුරකය.දෙදෙනෙක් ගම්පොළ ය.අයෙක් අඹගමුවේය.තවත් අයෙක් දික්වැල්ලෙන්ය.මේ හය යනු සරලවම කිව්වොත් රටක් හෙටක් වෙනුවෙන් බලාගත යුතු කාණ්ඩයට වැටෙන පිරිසය.

දැන් මේ තේරීම්වලින් පසු තත්ත්වය කුමක්ද?
ඔවුන් සංචාරය යාමටනම් එක් අයෙක් ලක්ෂ හය හමාරක මුදලක් සොයා ගත යුතුය.මේ වන විට ඇතැමුන්ට ඒ සම්බන්ධයෙන් ලිපි ද ලැබි ඇත.නමුත් මේ තේරී සිටින දරුවන් බොහෝ දෙනෙකුට එවැනි වත්කමක් ඇතැයි සිතිය නොහැකිය. පෙදරේරුවන්,කම්කරුවන්,ධිවරයින් වැනි රැකියා කරන ඒ ගෙවල්වලට මෙවන් බරක් දරා ගන්නට අපහසුය.
ලංකාවේ මලල ක්‍රීඩා දක්ෂයන් බහුතරයකගේ තත්ත්වය එබඳුය.එය නොදන්නා කෙනෙක් නැත.මෙවැනි තත්ත්වයක මේ ආකාරයට ඊළඟ පරම්පරාව ක්‍රීඩාවෙන් ඈත් කිරීමට මෙවැනි සිඳුවීම් හේතු විය හැකිය.ක්‍රීඩා අමාත්‍යංශය මෙවැනි සංචාරවලට ආධාර කිරීමට වත්කමක් නොමැති බව දන්වා එවීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇත.එවැනි තත්ත්වයක තේරීම් තරග සඳහා ගොස් තේරෙන අය සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න සැළසුමක් නැත්නම් තේරීම් තරග පවත්වන්නේ ඇයි යන්න ද ප්‍රශ්නයකි.

ක්‍රීඩා අමාත්‍යංශය මුදල් ගෙවිය යුතු නැත.ක්‍රීඩා සංගම් බලයට පත්වෙද්දි ක්‍රීඩා අමාත්‍යංශයට එවැනි දේ සඳහා රට නියෝජනය කරන ක්‍රීඩකයින්ට මුදල් සොයා ගැනීමට වත්කම් සොයා ගන්නේ කෙසේද කියා නිලවරණයට පිවිසෙන කණ්ඩායම් විසින් දත්ත ඉදිරිපත් කළ යුතු බව කියන්නේ නැත.එසේ කිරිම වෙනුවට ඔවුන කරන්නේද අමාත්‍යවරයාට ඇඟිළි ගැසිය හැකි අන්දමට ක්‍රීඩාවේ ස්වාධීන තැන්වල පනත හරහා විවර හැදීමට උත්සාහ කිරීමය.ක්‍රීඩා අමාත්‍යංශයට නමුත් ඒ ඒ ක්‍රීඩාවන්ගේ ජාත්‍යන්තර තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඒ ඒ ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයා දීමට කටයුතු කිරීමට හැකියාව ඇත.එසේ ද නොකරන අමාත්‍යංශය සහ අමාත්‍යවරයා ඒ ආකාරයට ස්වාධීන වෙනවාටද කැමති නැත.එවැනි ක්‍රීඩා සංගම්වලට බාධා කිරීමේ තත්ත්වය ශ්‍රී ලංකා රගර් දෙස බැලීමෙන් අවබෝධ කර ගන්නට හැකිය.

අමාත්‍යංශයේ සහ අමාත්‍යවරයාගේ අතින් මේ මුදල් නොගෙව්වාට ආයතන මට්ටමෙන් කතා කර මලල ක්‍රීඩාව සමඟ ගණුදෙනු කළ ව්‍යාපාරික ආයතන කැඳවා මේ අවශ්‍යයතාවය සාකච්ඡා කළ හැකිය.ඒ අනුව අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිටින සුළු අවස්ථා ගණන ගැන සැළකිල්ල යොමු කර අදාළ නිලධාරීන්,ඔහුට උපදෙස් දෙන්නට පනවා ඇති සභාවන් සහ පුද්ගලයින් එක්ව මේ යොවුන් ක්‍රීඩකයින්ගේ හීන බිඳ නොදැමීමට මං සෙවිය යුතුය.
එහිදි “අපේ කාලෙත් එහෙමයි.මට මෙච්චරක් ටුවර් ඔය විදිහට මිස් වෙලා තියෙනවා” වගෙ කතාවන්ගෙන් අමාත්‍යවරයා කන් සහ මොළය රැක ගැනීම වැදගත්ය.මේ ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් සැකසි එක් වැදගත් ක්‍රීඩක කණ්ඩායමක්ය.ඔවුන් අඩුම තරමේ ක්‍රීඩා පුහුණුකරුවන් සේ දවසක මෙරටට වැඩක් කළ හැකි මට්ටමේ මානසික උත්ප්‍රේරණයක් මෙවැනි සංචාරයක දස්කම් හරහා ලබන්නේය.ක්‍රීඩාව එපා නොකොට මේ අනාගත අපේක්ෂා ටික ක්‍රීඩාවේ රඳවා ගැනීම අතිශයින් වැදගත්ය.

මෙවැනි තත්ත්වයක තේරීම් තරග සහ තේරීම කියන්නේ ගැටවර අසහනය මතු කරන තත්ත්වයන් බව අවබෝධ කරගෙන එවැනි දේ නොපවත්වා සංචාරය කළ යුතු රටට යාමට ඒමට අවශ්‍යය ගුවන් ටිකට්පත් ගණන ප්‍රසිද්ධ කර හැකි අයට ඉල්ලුම් කරන්නට කිමය.එවැනි ටෙණ්ඩර් කැඳවීමකට ලැබෙන ඉල්ලීම්වලින් වැඩි දක්ෂතා ඇති අය තෝරා යැවිම කිරීමෙන් දක්ෂයන්ට යම් මට්ටමකට ක්‍රීඩාව එපා වීමට වඩා ආර්ථික මට්ටම ගැන සිතා අනවශ්‍යය පසුතැවීම් නොවන්නට ක්‍රීඩා නොකර සිටිය හැකිය.

ඒ නිසා මලල ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මලල ක්‍රීඩා බලධාරීන්ද,ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා බලධාරීන්ද එක මේසයකට පැමිණ තමන්ගේ උපරිමය වැය කර මේ සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවිමටත්,අදාළ පුහුණුකරුවන් යැවීමටත් මූලිකත්වය ගත යුතුය.මෙම තරගාවලියෙන් ඉකුත් වසරේද ශ්‍රී ලංකාව යහපත් ප්‍රතිපල ැබූ බවත්,ඒ ප්‍රතිපලවල සිටි පදක්කම්ලාභින් දෙදෙනෙක් මේ සංචාරය සඳහා ද සුදුසුකම් ලබා ඇති බවත් එම සාකච්ඡාවේදී එහි වැදගත්කම සඳහා පදනම් කර ගත යුතුය.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan