රවී කරුණානායක​ට එරෙහි බැඳුම්කර නඩු 2ක් පිළිබ​ද රිට් ආඥාවක්!

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාදි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කළ නඩු දෙක පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දූ කරමින් නීතිපතිවරයාට රිට් ආඥාවක් අභියාචනාධිකරණය ඊ​යේ(28) නිකුත් කළේය.

රවි කරුණානායක මහතා විසින් මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දුන්නේය.

2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබිණි.

අදාළ නඩු දෙක විභාග කළ ත්‍රි පුද්ගල මහාධිකරණය පොදු දේපල දේපළ පනත යටතේ වන ඉපදෙනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් වූ අධි චෝදනා 13ක් නිදහස් කිරීමට 2022 මාර්තු 4 වැනි දින නියෝග කළේය.

ඉන් අනතුරුව හිටපු මුදල් ඇමතිවරයා තමන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට එම නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.

එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කල අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළේය.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අධිචෝදනා 32 යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර හා ගාර්ධි පුංචිහේවා විත්තිකරුවන් විදෙස් ගතව ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරේ.

දෙවන මහ බැංකුව බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව නඩු පවරා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...