*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මිරිස් සහ ගම්මිරිස්

කලින් ලිපිය ලිවීම සඳහා පාදක කරගත් පාඨක ප්‍රතිචාරයේ සඳහන්ව තිබුණු පරිදි ලංකාව විසින් වසරකට මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කරනවා. ඒ වෙනුවෙන්, ඩොලර් මිලියන 110ක් පමණ වැය කරනවා.

ලිපිය ලියන්නට පෙර මම මේ ගණන් පරීක්ෂා කළේ නැහැ. ඒ බව ලිපියේ සඳහන් කළා. එසේ පරීක්ෂා නොකළේ බැලූ බැල්මටම එම ගණන් වල වරදක් පෙනෙන්නට නොතිබුණු නිසයි. ඒ වගේම, අදාළ ප්‍රතිචාරය වගකීමකින් යුතුව දැමූ ප්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබුණු නිසා. මීටත් අමතරව, ප්‍රශ්නය ඇසීමේදී දැනගන්නට අවශ්‍යව තිබුණු බව පෙනුණේ සංකල්පීය කරුණු නිසා මේ ගණන් වල එතරම් වැදගත් කමක් තිබුණේ නැහැ.

ඉහත ගණන් නිවැරදි බව පරීක්ෂා කිරීමේදී තහවුරු වුනා. 2021 වසර තුළ ලංකාව විසින් ආනයනය කර තිබෙන වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,205,561 හෙවත් මෙට්‍රික් ටොන් 50,206ක්. ඒ වෙනුවෙන් වැය වී ඇති මුදල ඩොලර් 99,621,105ක් හෙවත් ඩොලර් මිලියන 99.6ක්. මෙම කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ වියලි මිරිස්.

කොහොම වුනත්, වැදගත්ම කරුණ මේකයි. එම (2021) වසර තුළදීම ලංකාව විසින් වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු කිලෝග්‍රෑම් 18,571,166ක් හෙවත් මෙට්‍රික් ටොන් 18,571ක් අපනයනය කර ඩොලර් 124,459,116ක හෙවත් ඩොලර් මිලියන 124.5ක මුදලක් උපයා තිබෙනවා. මෙහි මිරිස් හා මිරිස් කුඩු යම් ප්‍රමාණයක් තිබුණත් වැඩි වශයෙන්ම තිබෙන්නේ ගම්මිරිස්.

ඉන්දියාව ලෝකයේ මිරිස් නිපදවන ප්‍රධානම රටයි. කවර හෝ හේතු නිසා ඉන්දියාවට තරඟකාරී ලෙස මිරිස් නිපදවිය හැකියි. ඇතැම් විට ඉන්දීය රජයේ සහනාධාරද එයට උදවු වෙනවා විය හැකියි. ප්‍රතිචාරයේ එම කොටස මම පරීක්ෂා කර බලා නැහැ. එය එසේනම්, එම හේතුව නිසා, ලංකාවේ රජයත් මිරිස් වැවීමට සහනාධාර දිය යුතුද? එසේ නැත්නම් ඉන්දීය මිරිස් සඳහා තීරු බදු දැමිය යුතුද?

මගේ අදහසනම් මිරිස් වගාව සඳහා යොදාගත හැකි ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ලංකාවේ විශාල වශයෙන් නැති බවයි. මිරිස් වගාව අත හරින ගොවියෙකු බොහෝ විට වෙනත් වගාවකට යොමු වෙනවා. එය සහනාධාර නොලබා ලාබ ලැබිය හැකි වගාවක් වීමට ඉඩකඩ වැඩියි. මිරිස් වගාවට සහනාධාර දීම මගින් ඔවුන්ව නැවත මිරිස් වගාව වෙත තල්ලු කළ විට සිදුවන්නේ අදාළ ඉඩම් වල එතෙක් වවනු ලැබු වඩා ලාබදායක වෙනත් බෝගයක නිෂ්පාදනය පහත වැටීමයි.

ලංකාවට මිරිස් වලින් ඉන්දියාව සමඟ තරඟ කළ නොහැකි වුවත්, ගම්මිරිස් වලින් ලෝකය සමඟ තරඟ කළ හැකියි. එසේනම්, ලංකාවට වඩා වාසිදායක ගම්මිරිස් අපනයනය කර උපයන මුදලින් මිරිස් ආනයනය කරන එකද? එසේ නැත්නම්, ගම්මිරිස් ගලවා මිරිස් වවන එකද?

ඉන්දියාව මිරිස් වලට සහනාධාර දෙනවානම්, ඒ නිසා ලංකාවට අඩුවට මිරිස් එනවානම්, ලංකාවට කළ හැකි වාසිදායකම දෙය ඉන්දියාවේ මිරිස් සමඟ අමාරුවෙන් තරඟ කරන්නට මහන්සි නොවී පහසුවෙන් සල්ලි ඉපැයිය හැකි ගම්මිරිස් වෙත අවධානය යොමු කරන එකයි. බොහෝ විට එකම ඉඩම් ප්‍රමාණය හා ශ්‍රමය යොදාගෙන ගම්මිරිස් වැවීමෙන් වැඩි වාසියක් ගන්න පුළුවන්.

මිරිස් වවන එක නවතා ගම්මිරිස් වැවිය යුතු බව මෙයින් අදහස් වන්නේ නැහැ. බොහෝ විට මිරිස් සඳහා සුදුසු ඉඩම් හා ගම්මිරිස් සඳහා සුදුසු ඉඩම් එකිනෙකට ආදේශක නෙමෙයි. තමන්ගේ ඉඩමේ වැවිය යුතු වාසිදායක බෝගය මිරිස්ද නැත්නම් ගම්මිරිස්ද කියා මිනිස්සු තීරණය කරයි. පැත්තක ඉන්න ගොවීන් විසින් ඔවුන්ට අනවශ්‍ය දේ වවා රට ස්වයංපෝෂණය කරනු දැකීමේ මධ්‍යම පාන්තික සිහිනය වෙනුවෙන් රටද ණය කර, ගොවීන්ගේ ජීවිත බිලි දිය යුතු නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan