බද්දෙන් කැළඹුණු වරාය – කොළඹම කැළඹු හැටි! (VIDEO)

නව ආදායම් බදු පනතට විරෝධය පළකරමින් අද (01) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් වැඩවර්ජන, අකුරට වැඩකිරිම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගෙන තිබුණු අතර ඊට සමගාමීව උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතිද මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග හා එක්ව සිටි අතර ඔවුන් වරාය ඉදිරිපිට කොළඹ නගරයට දිවෙන මාර්ගයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

වරාය වෘත්තීය සමිති විසින් අද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වූ අතර මෙම බදු පනත ආණ්ඩුව හකුළා නොගන්නේ නම් මාර්තු 08 වැනිදායින් පසු මෙම ක්‍රියාමාර්ග දැඩි කරන අතර සිය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය ගැසට් නිවේදන ඔවුන් නොසලකා හරින බවයි අවධාරණය කළේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තිය සමිති 33ක් මෙම අකුරට වැඩ කිරීමේ විරෝධතාවයට සඳහා එක්ව සිටි අතර මෙම අකුරට වැඩ කිරීමේ විරෝධතාවයට සමගාමීව අද දහවල් 12ට කෑම පැයේදී ඛාන් ඔරලෝසු කණුව අසලින් ඇති වරාය පිවිසුම අසල සිදුකළ උද්ඝෝෂණය හේතුවෙන් මෝදර දෙසට දිවෙන මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණම අවහිර වී තිබුණි..

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...