පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නිෂ්ප්‍රභ කළේය.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පූජිත් ජයසුන්දර මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

අනතුරුව එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නීතිවිරෝධී ලෙස තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...