*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

මේ අවස්ථාවේ තිබෙන එකම විකල්පය IMF: පොහොට්ටුව

රටක් හැටියට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වර්තමානයේ විවිධ වූ ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බවත්, මේ අවස්ථාවේ තිබෙන එකම විකල්පය හැටියට දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පමණක් බවත්, මෙය අපේ රටටම හුදෙක් ඇති වෙච්ච තත්වයක් නොව ආසියාවේ, යුරෝපයේ රටවල්වලට අද උද්මනය ඉහළ අගයකට ගිහින් තිබෙන බවත් ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“අපි දන්නවා පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලාංකික ජනතාව හැටියට අපි මේ රටේ විශාල විපර්යාසයන් රාශියකට මුහුණදුන් හැටි. රටේ දේශපාලන ඉතිහාසය තුළ අපි නොසිතු විරු ආකාරයෙන් රටේ පැන නැගුණු විවිධාකාරයේ කොවිඩ් අර්බුදයේ ප්‍රතිපලයේ හැටියටත් ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයේ හැටියටත් රටේ දේශාපලන අර්බුදයක් ඇතිවුණා. ඒ දේශපාලන අර්බුදය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවිධ වූ ක්‍රියාමාර්ග ගත්තා.

ඒ වගේම මහ බැංකුවේ අධිපතිතුමා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරනවා වර්තමානයේ පවත්නා ක්‍රමවේදය ඉදිරියට ඉටුකරගෙන ගියොත් එළඹෙන වර්ෂය තුළ යම්කිසි ආකාරයක මහජනතාවට සහනදායි බලාපොරොත්තු ලබා ගන්න පුළුවන් කියලා. වර්තමානයේ සමහර ආර්ථිකමය තීන්දු ගන්නා විට වත්මනයේ ජනතාව විශාල ආර්ථික අසිරුතාවයන්ට මුහුණදිලා තිබෙනවා කියලා අපි හැමෝම දන්නවා.

අපි රටක් හැටියට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වර්තමානයේ විවිධ වූ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපිට මේ අවස්ථාවේ තිබෙන එකම විකල්පය හැටියට දකින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමයි. මෙය අපේ රටටම හුදෙක් ඇති වෙච්ච තත්වයක් නොවේ. ආසියාවේ, යුරෝපයේ රටවල්වලට අද උද්මනය ඉහළ අගයකට ගිහින් තිබෙනවා. මගේ පුද්ගලික අදහස නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම තුළ ජනතාවගේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම තමයි ඡන්ද අයිතිය. ඡන්ද අයිතියට ගරු කිරීම පිළිබඳව අපේ කිසිදු විරෝධතාවයක් නෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා රටේ ජනතාව ඉල්ලා සිටින ඡන්දය වෙනුවෙන් අපි පක්ෂයක් හැටියට සූදානම්ව ඉන්නවා. අපි මේ ඡන්දයට මුහුණ දීම තුළින් වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදයන්ට විසඳුම් එනවාද? අපි දකිනවා අද මේ ආර්ථික අර්බුදයට විසඳුමක් මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තුළින් ලැබෙන්නේ නෑ. ඒ නිසා මා දකින්නේ මීට මාස කිහිපයකට පෙර මේ රටේ ජනතාව ඉතා අසිරුතාවයන්ට මුහුණදුන්නා. අද තමන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීමට හැකියාව ජනතාවට ලබාදිලා තිබෙනවා. වර්තමානයෙහි මා දකින්නේ දේශපාලන නායකයින්ට පමණයි මේ මැතිවරණය අවශ්‍ය වෙලා තිබෙන්නේ. රටේ සිටින බහුතරයක් ජනතාවට මැතිවරණයක් අවශ්‍ය නෑ. ජනතාවට අවශ්‍ය මේ ආර්ථිකයට විසඳුම් ලබා ගැනීමයි. හැමදාම විපක්ෂයෙන් දකින්නේ එකම ස්ලෝගන් එක හොරා කියන එකයි. මෙහෙම බලන කොට 2015 අපේ හිටපු ජනාධිපතිතු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුල ඉලක්ක කරගෙන හොරු, රට මංකොල්ල කැවා කියලා ස්ලෝගන් ඉදිරියට ගෙනල්ලා යහපාලන ආණ්ඩුවක් ගේනවා කියන ප්‍රතිපත්තියත් එක්ක.

මේ අවුරුදු 05 ඇතුළත ඔය කියන හොරු අල්ලා ඉදිරිපත් කරානම් ඔවුන්ට දඩුවම් දෙන්න ඕන. අපි කවුරුත් දේශපාලනයට ඇවිත් නෑ දේශපාලනය තුළින් හොරකම් කරන්න. හැමදාම මිනිස්සු රවට්ටනවාට වඩා අතිතයේ වෙච්ච හොරකම් හොය හොය ඉන්නවාට වඩා අපිට විශාල කාර්යභාර්යයක් පැවරිලා තිබෙනවා දේශපාලන නායකයෝ හැටියට. ඒක තමයි පවත්නා අර්බුදයට විසඳුම් ලබා දීම. මේ සඳහා මිනිස්සුන්ට ඇඟිල්ල දික්කිරීම තුළින් විසඳුම් ලැබෙන්නේ නෑ. මේ විපක්ෂයේ එක පක්ෂයක්වත් කියලා තිබෙනවා ද මේ ආර්ථික අර්බුදයට ගන්න විසඳුම් පිළිබඳව. මේ හොරු හොරු කියනවා මිසක් විසඳුමක් කියලා නෑ. ඒ නිසා මා දකින්නේ අපි දේශපාලන නායකයෝ හැටියට අපි මීට වඩාහෙන්නායක යම්කිසි ආකාරයක මැදිහත් වෙලා ජනතාව මිරිකලා තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවාගන්නට ගතයුතු තීන්දු තීරණ අරගෙන ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්න ඕන. ඒ නිසා අපි පක්ෂ පාටභේයකින් තොරව, තමන්ගේ පෞද්ගලික අයිතිවාසිකම්වලට වඩා ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතා සම්පුර්ණ කරන්නට අපි හැමෝම අත්වැල් බැදගන්න ඕන.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan