ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල කරන ජනතාව සමඟ අපිත් එකට හිට ගන්නවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

මැතිවරණය ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා සංවිධානය කරන ලද උද්ඝෝෂණයට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මියගිය නිවිතිගල නිමල් අමරසිරි මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුලියාපිටියේ පැවැති ජන හමුවක දී සිය ශෝකය පළ කළේය.

තමාගේ දේශපාලන මතිමතාන්තර දර්ශනය ප්‍රතිපත්ති පිළිබඳ විවිධ මතගැටුම් තිබුණත් සමගි ජන බලවේගය සමග එකට එක්ව විපක්ෂයේ කටයුතු කරන සහෝදර දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ශෝක ජනක පුවත සැල වූ වහාම එතැන සිට ජනතාව සමඟ සිය ශෝකය බෙදා ගත්තේය. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ජනතාවගේ මූලික අයිතියක් වූ ඡන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව තමාද පාරට බහින බවයි.

දුර්දාන්ත, මිලේච්ඡ, ආඥාදායක ආණ්ඩුව විසින් සිදු කරන ලද මෙම මිනීමැරුමට ජනාධිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ පාරට බැස්ස නිමල් අමරසිංරි මැතිතුමාට එල්ල වූ ඒ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හෙළා දකින බවත් ජාති ආගම් කුල මළ පන්ති පක්ෂ භේදයකින් තොරව මැතිවරණයක් ඉල්ලා ජනතාව කරනා ඒ සටන වෙනුවෙන් පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය එක්සිත්ව එක්සත්ව එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී මැතිවරණය සඳහා මුදල් නොමැති බවත් මුදල් දිය නොහැකි බවත් මුදල් තිබුණත් මැතිවරණයක් දිය නොහැකි බව පැවසුවත් ඔහු නියෝජනය කරන පක්ෂය නාමයෝජනා බාර දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවරු ආරක්ෂා කිරීමේ අරමුණින් විවිධ ආයතනවල බලය තමා වෙත ලබා ගෙන රටේ ජනතාව අන්දවමින් සිටින බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...