හදිසියේම විශේෂ කැබිනට් රැස්වීමක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ගැන තීරණයක්

Date:

හදිසි අවස්ථාවලදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත ගැනීම උදෙසා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, ඊයේ (01) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

රාජ්‍ය බැංකුවල කාර්ය මණ්ඩල අකුරට වැඩකිරීම, වැඩවර්ජනය කිරීම වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආයනයට ඉදිරියේදී බාධා එල්ල වියහැකි බව අමාත්‍යවරුන් විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පෙන්වා දී ඇති බව සඳහන්.

එහිදී නියමිත වේලාවට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වුවහොත් එයින් ජන ජීවිතවලට විනාශකාරී බලපෑම් එල්ල විය හැකි බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව හදිසි අවශ්‍යතාවලදී භාවිතා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය සහිතව රාජ්‍ය ආයතනවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...