කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පවත්වා ඇත.
නියෝජ්‍ය තානාපතිවරයා කතානායකවරයාට මෙහිදී ඇරයුමක් කළේ, පාර්ලිමේන්තු අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමේ හුවමාරු වැඩසටහනක් සදහා වන අතර, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්රවණතා මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉවහල්වන විවිධ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
රෂිකා හෙන්නායක