බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය ගැන ශෙහාන් මාලකගෙන් තවත් හෙලිදරව්වක් (video)

0
1059

බොරැල්ල ප්‍රදේශයේ කතෝලික පල්ලියකින් අත් බෝම්බයක් හමුවීම සංවිධානාත්මක නාටකයක එක් කතාංගයක් පමණක් බව ශෙහාන් මාලක මහතා පවසනවා. ඊට පෙර ආසන්නතම සිදුවීම් කිහිපයක් පිළිබඳව සැළකීමේදී හා මෙම බෝම්බය සොයා ගැනීම පිළිබඳව සිදුවන පරීක්ෂණ සැළකීමේදී පැහැදිලිවම ඒ බව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

හමු වූ මෙම ජීව අත් බෝම්බය පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ලබාගෙන නැති බවත් ඇඟිලි සළකුණු ලබාගෙන නැති බවත් පෙන්වා දෙන ශෙහාන් මාලක මහතා පවසන්නේ එසේ තිබියදී අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීම වෙනුවට පුපුරවා හැර ඇති බවයි. රස පරීක්ෂණ වාර්තාවක් හා ඇඟිලි සළකුණු ලබා ගත්තේ නම් පරීක්ෂණ සඳහා ඒවා භාවිතා කළහැකි නමුත් එය හිතාමතාම අතපසු කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී බෝපිටිය ශාන්ත නිකුලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නාවික හමුදා නිළධාරීන් හරහා අනතුරු ඇඟවීමේ සිදුවීම පිළිබඳව සිහිපත් කරන ශෙහාන් මාලක මහතා පවසන්නේ, දින ගණනාවක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ආරක්ෂාව පතා තමා රැඳී සිටියේ එම දේවස්ථානයේ බවයි. එම සිදුවීම වනවිට ඊට ආසන්නතම ස්ථානයක බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් නතර වී සිටි බවද ඔහු පවසනවා.

මෙම සිදුවීම් කිසිසේත්ම හුදෙකලා සිදුවීම් ලෙස හැඳින්විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

කතෝලික සංවිධාන ඒකමුතුව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ශෙහාන් මාලක මහතා මෙම කරුණු හෙලිදරව් කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here