ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 12 යි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කර අදට (24) වසර 12ක් සපිරේ.

2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹ ආසන්න ප්‍රදේශයකදී ඔහුව පැහැරගැනීමකට ලක්වූ අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටුකිරීමක් සිදුව නොමැත.

ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ දිරිය ගැහැණිය වසර 12ක් පුරා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වී සිටින්නීය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා නමින් හෙට (25) පෙරවරු 10.30ට මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පැවැත්වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...