*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ගුවන් ඔටුනු දිනේෂාට සහ තුෂාන්ට

ගුවන් හමුදා පිරිමි පාපැදි සවාරියේ තෙවන අදියර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසළින් නිමාවට පත් වූයේ සමස්ත සූරතාවයට යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂට අවස්ථාව සළසමින්.තුෂාන් ගුවන් හමුදා පාපැදි සවාරියක් ජය ගත් දෙවන අවස්ථාව මෙයයි.තරගයේ පළමු අදියරේදී ජයග්‍රහණය ලබමින් සකසා ගත් කාල පරතරය ඒ ආකාරයෙන්ම රඳවා ගත් තුෂාන් (චන්දන දයානන්දන) මෙන්ම පළමු අදියර ජයගත් මුල් තිදෙනාම සමස්ත තරගාවලියේ මුල් තිදෙනා වීම කැපී පෙණුනා.මෑත කාලයේ කැපී පෙනෙන තරගකරුවෙක් වෙනයුද හමුදාවේ අවිශ්ක මැඩොන්සා දෙවන ස්ථානයට පත් වුණේ සමස්ත කාලය පැය 9:43:33 ක කාලයකින් තුෂාන්ට වඩා තත්පර දෙකක් පිටුපස සිටිමින්.තෙවන ස්ථානය දෙහිවල් ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සුරංග රණවීර දිනා ගත්තේ මැඩොන්සාට වඩා තත්පර 7 ක් පිටු පසින් සිටයි.මෙවර යුද හමුදා පාපැදි කණ්ඩායමේ නායකත්වය දරන තුෂාන් රාජපක්ෂ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා සේ ම,සමස්තයක් හැටියට තරගය පුරාම යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් දැක් වූ විශිෂ්ඨත්වයද අගය කළ යුතුයි.

මෙම තෙදින සවාරියට සමගාමීව එය අවසන් වන දවසේ පැවති ගුවන් හමුදා කාන්තා පාපැදි සවාරියේ කිරුළ දිනේෂා දිල්රුක්ෂි ගුවන් හමුදාවට දිනා දුන්නා.අත්දැකීම් ඇති තරගකාරියක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම තරගයේ කණ්ඩායම් ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීමට දායකත්වය දෙමින් දෙවන ස්ථානයට පත් වූයේ සුධාරිකා ප්‍රියදර්ශණීයි.එසේම රැක ගත යුතු අනාගතයට වටිනා තරගකාරීයක් හැටියට හැඳින්විය හැකි ඈන් ෂෙනලි පෙරේරා තෙවැන්නිය වූ අතර ඇයට නාවික හමුදා කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ගෙන් නොලද සහය ගැන තරගයෙන් අනතුරුව කම්පාවෙන් කතා කිරිම අසුභ දසුනක් වුණා.



මෙවර තරගාවලියේ තෙවන අදියර ජයගත්තෙ යුද හමුදාව නියෝජනය කළ පසිඳු තිසේරා යි.දෙවන අදියරේ දෙවැනියා වූ නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුශංඛ තෙවන අදියරත් දෙවැනියා ලෙස නිමා කළා.තෙවැනි තැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිපුන සොනාල්ට හිමි වුණා.ඔවුන් තිදෙනා සහ යුද හමුදාවේ සහන සිහාර තරගයේ අවසන් කිලෝ මීටර් 20 – 25 අතරේ තරගයේ වේගයෙන් අතිශයින් වැඩි කරමින් පොකුරෙන් මිදී තරග අවසානය දක්වා පාපැදි හැසිරවීම කැපී පෙණුනා.ඔවුන් සිටි පළමු පොකුරට විනාඩි දෙකක් පමණ පසුපසින් සිට තරග වැදුණ ඒ වන විට තරගයේ කාල ගණනයෙන් ඉදිරියෙන් සිටි පිරිස ඊටත් වඩා වේගවත්ව පාපැදි හසුරවමින් පළමු කණ්ඩායම සමඟ එක්වීමත් කැපී පෙණුනා.විශේෂයෙන්ම එහි සිටි ජයග්‍රාහී තුෂාන් රාජපක්ෂ යුද හමුදා වැනි ක්‍රීඩකයින් තමන්ගේ අත්දැකීම් සහ ජවය උපරිමයට යොදා ගනිමින් තරගයේ පෞද්ගලික ජය මෙන්ම කණ්ඩායම් ජයටත් අවශ්‍යය කාලය වාර්තා කිරීම සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් පාපැදි හැසිර වූ ආකාරය පාපැදි ක්‍රීඩාවේ නවකයින් විශාල අධ්‍යයනයක් කරගත යුතුයි.

එසේම අප ඊයේ දෙවන අදියර ඉලක්ක කර ගනිමින් අවධානය යොමු කළ දිනූෂ සාරංග වැනි ක්‍රීඩකයින් පාපැදි බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුයි.ඒ ආකාරයටම අතිශයින් යොවුන් ක්‍රීඩකයින් රැසක් මේ තරගය පුරා දකින්නට ලැබුණු අතර ඔවුන් අතර සිටිමින් කරට කර පාපැදි පාලනය කර ගනිමින් තරග වැදි ජානක හේමන්ත කුමාර,සුධීර නිලංග වැනි දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින්ගේ හැකියාවද පාපැදි බලධාරීන්ගේ අවධානයට සහ ගෞරවයට පාත්‍ර විය යුතුයි.

තුෂාන් ජයග්‍රහණයෙන් පසු පැවසූ වචන අතරේ මෙන්ම දිනූෂ සාරංග පැවසූ වචන අතරේ ද ඇති වැදගත්ම කතාව වන්නේ ජයග්‍රහණය ලැබීම මෙන්ම ඊට ගැලපෙන මට්ටමේ උපකරණ සොයා ගැනීමට වත්මන් පාපැදි ක්‍රීඩකයින්ට ඇති අපහසුවයි.දිනූෂ වැටුප හිලව්වට තබා ගත් ණයකින් ගත් පාපැදියකින් තරග වඳින අතර කාලයක් තිස්සේ දක්ෂතා අතර සිටින තුෂාන්ගේ පාපැදි උද්යෝගකරුවන් ඔහුට රැඟෙන දී තිබෙන පාපැදිය ජයග්‍රහණයේ ප්‍රබල උපකාරකයක් වූ බව ඔහු පැවසුවා.

මේ පණිවිඩය මෝල් ගහෙන් අනින තුරු නොසිට ක්‍රීඩා බලධාරීන්ට කියවා ගන්න හැකිනම් අපූරුයි.පාපැදි සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩකයින්ට වසරක වරක් හෝ බද්දෙන් නිදහස්ව පාපැදියක් ගෙන්වා ගැනීමට අවසර ලබා දිය යුතුයි.එවිට ඔවුන් ට උපකාර කරන අයෙකුට දායක වෙන්නට තියෙන ඉඩ පළල් වෙනවා.එසේම යුද හමුදා පාපැදි කණ්ඩායම,ගුවන් හමුදා පාපැදි කණ්ඩායම වැනි ලංකාවේ ලියාපදිංචි පාපැදි කණ්ඩායම්වලට මේ බදු සහනය ලබා දී වසරකට වරක් ගෙන්විය හැකි යම් පාපැදි ප්‍රමාණයක් සටහන් කරනවානම් ඒ ආකාරයෙන්ද ක්‍රීඩකයනගේ පාපැදි අවශ්‍යයතාවයට ක්‍රීඩා බලධාරීන්ට මැදිහත් විය හැකියි.මේ ගැන කතා කරන්නට පාපැදි බලධාරීන්ට ද වගකීමක් තියෙන අතර අඩුම තරමේ දක්ෂතාවලින් රට පෙරට ගෙන යන්නට එවැනි ආකාරයිකින් හෝ පාපැදි සූර සූරියනට උපකාර වෙන්නට ඔවුන්ගේ ද අවධානය යොමු විය යුතුයි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan