ආනයනික අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල ගණන් 5% ත් 6% ත් අතර ප්‍රමාණයකින් පහළට

Date:

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල ගණන් සියයට 5 ත් 6 ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇති බවයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මේවනවිටත් පහළ ගොස් ඇති බවයි. මේ අතර සීනි කිලෝවක තොග මිල රුපියල් 17 කින් පමණ අඩුවී ඇති බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙලෙස අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...