*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සනාථ කරමින් අධිකරණය නිකුත්කළ ඓතිහාසික තීන්දුව පිළිිබඳව TISL ආයතනය සිය සතුට පළකරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වත්කම් සහ බැරකම් හා සබැඳි තොරතුරු හෙළිදරව් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ කොමිෂන් සභාව දුන් නියෝගය තහවුරු කරමින් අභියාචනාධිකරණය පසුගියදා නිකුත්කළ සුවිශේෂී තීන්දුව පිළිබඳව TISL ආයතනය සිය ප්‍රසාදය පළකරයි.  
 
2021 පෙබරවාරි මාසයේදී, චාමර සම්පත් එදිරිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන අභියාචනයේ දී වර්ෂ 2010 සිට 2018 කාලයට අදාලව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීන්ගේ නාම ලේඛනය වහාම ඉල්ලුම්කරුට නිකුත් කළ යුතු බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට නියෝග කරන ලදී. පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයින්ගේ වගවීම සහ විනිවිදභාවය පිළිබඳ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, මෙම තොරතුරු මහජන සුබසිද්ධිය උදෙසා ඉතා වැදගත් බව RTI කොමිසම ප්‍රකාශ කළේය. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනතට (1975) අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීම නීතිමය වගකීමක් බවත්, මෙම තොරතුරු ඉල්ලීම ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් විසින් එම නීත්‍යානුකූල වගකීම ඉටු කරනවා ද යන්න හා සම්බන්ධ බැවින් එම තොරතුරු හෙළි කළ යුතු බවත්, RTI කොමිසම විසින් ප්‍රකාශ කරන ලදී. මෙහි දී, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අබිභවමින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත බලපැවැත්වෙන බව ඇතුළු කරුණු 15ක් පදනම් කොටගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් RTI කොමිසමේ මෙම තීන්දුවට එරෙහි ව අභියාචනාධිකරණයේ අභියාචනා නඩුකරයක් ගොනු කරන ලදී. 2023 පෙබරවාරි 28 වන දින අභියාචනාධිකරණය විසින් RTI කොමිසමේ නියෝගය තහවුරු කරන බව තීන්දු කරන ලදී.
 
මෙහිදී අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධිවිධාන අවිවාදයෙන්ම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ විධිවිධාන අභිබවා යන බවයි.  
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් ආදිය බලාත්මක කිරීමේ මූලික අරමුණ දූෂණයට එරෙහිව සටන් කිරීම බව මෙම අධිකරණ තීන්දුවෙන් තවදුරටත් අවධාරණය කෙරේ.
 
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A වගන්තියේ දක්වා ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලාත්මක කරනුයේ “දූෂණයට එරෙහිව සටන් කිරීම සහ වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම තුළින් පොදු ජන ජිවිතයට වඩාත් සහභාගී වීමට” හැකිවනු පිණිස ය. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ අරමුණ වන්නේ ද “නීතිය අදාළ වන පුද්ගලයන්ට ඔවුන්ගේ වත්කම් සහ බැරකම් කාලානුරූපව ප්‍රකාශ කිරීමට බල කිරීම මගින් මහජනයා අත්විඳින දූෂණයට එරෙහිව සටන් කිරීමයි”. මෙමගින් අවධාරණය කරනුයේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද සහ ජනතාව විසින් නඩත්තු කරන පුද්ගලයින් වන අතර ඔවුන් සෑම විටම රටේ නීතියට අනුකූලව කටයුතු කිරීමටත්, අන් අයට අනුගමනය කිරීම සඳහා ආදර්ශමත් ලෙස කටයුතු කලයුතු බවත්ය. එබැවින් අදාළ බලධාරීන් නීතියෙන් නියම කර ඇති පරිදි ක්‍රියා කර තිබේද නැද්ද යන්න මහජනතාව දැන ගැනීම වැදගත්වේ. මහජනතාවට එම තොරතුරු ලබා ගත හැකි එකම ක්‍රමය වන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල තොරතුරු ඉදිරිපත් කර ඇති මන්ත්‍රීන්ගේ ලැයිස්තුවක් ලබා ගැනීම හරහා පමණි.” පොදු අධිකාරීන් යම් තොරතුරක් වෙත ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට පෙර, ඉල්ලා සිටින තොරතුරුවල “මහජන අවශ්‍යතාව” පිළිබඳ වඩාත් සැලකිය යුතු බව මෙම තීන්දුව හරහා තව දුරටත් අවධාරණය කරයි.  
 
තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර වසර 6ක් සපිරෙන මේ මොහොතේ, ශ්‍රී ලංකාව තුළ දූෂණයට එරෙහිව සටන් කිරීමට   මහජන සුභසිද්ධිය උදෙසා තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව සහ මහජන නියෝජිතයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල විනිවිදභාවයෙහි ඇති වැදගත්කම් පිළිබඳව ඉතා වැදගත් පූර්වාදර්ශයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ මෙම තීන්දුව මගින් සපයන අතර ශ්‍රී ලංකාවේ එවැනි ආකාරයේ තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාවද මෙය වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan