සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ – චන්න ජයසුමන

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ද එම ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

“ජී.එල් පීරිස් මහතාව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කරනවා කියන එක විහිළුවට කාරණයක්. හරිනම් වෙන්න ඕනේ සාගර කාරියවසම් මහත්තයා පක්ෂ ලේකම් ධුරයෙන් අයින්වෙන එකයි. මොකද පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව එතුමා කටයුතු කරන නිසා. පළමුව අපි නිදහස් ජනතා සභාව හැටියට අපේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායම බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කරනවා මහාචාර්ය ජී.එල්. මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතීත්වයෙන් නෙරපන්න ගත්ත මේ තීරණයට. අනිත් එක තමා සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ. විධායක සභාවට එහෙම තීරණයක් ගන්න බෑ එහෙම පොදුජන පෙරමුණේ පක්ෂ මධ්‍යම කාරක සභාව තමා එහෙම තීරණයක් ගන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේ දී. අන්තිමට සාගර කාරියවසම් ට සිද්ධ වෙන්නේ පක්ෂයයි ලේකම්කමයි දෙකම මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාට දීලා පැත්තකට වෙන්නයි. අන්තිමට සාගරට ගෙදර යන්නයි වෙන්නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...