ඇමති සුසිල් සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරිට කනගාටුව පළකරයි..

Date:

සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූවේ, පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බවයි.

තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද ප්‍රේමජයන්ත මහතා පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

“මම අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න හිටියා. අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද දන්නෙ නෑ”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...