2022 දෙසැම්බරයේදී චීනයේ විදේශ අමාත්‍යවරයා ලෙස නම් කරන ලද එක්සත් ජනපදයේ හිටපු චීන තානාපති 56 හැවිරිදි Qin Gang විසින් පැවැත් වූ සිය පළමු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ චීනය මර්දනය කිරීමෙන් ඇමරිකාව ශ්‍රේෂ්ඨ බවට පත් නොවන බවත්, එය චීනයේ පුනර්ජීවනය නතර නොකරනු ඇති බවත්ය.
චීන පාර්ලිමේන්තුවේ බීජිංහි වාර්ෂික රැස්වීමට සමගාමීව පැවැති මෙම මාධ්‍ය හමුවකදී රටවල් අතර මතභේද වර්ධනය වන විට චීන- ඇමරිකා සබඳතාවය තවදුරටත් පැවතිය හැකිද? යන්න පිළිබඳ අසන පද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබූ අතර එක්සත් ජනපදය විසින් චීනය සිය ප්‍රධානතම භූ දේශපාලනික ප්‍රතිවාදියා වශයෙන් සැලකීම කමිසයේ බොත්තම වැරදියට දැමීමක් බවත්, එක්සත් ජනපදය තිරිංග නොදැමීමෙන් සහ වැරදි මාර්ගයේ දිගටම ගොරවන්නේ නම්, පීලි පැනීම සහ පෙරලීම නැවැත්වීමට කිසිදු ආරක්ෂක වැටකට නොහැකි අතර, එය ගැටුමකට වැටීමට බැඳී ඇති බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ විශ්වාසවන්ත සහායකයෙකු වන Qin Gang මහතා දැඩි ලෙස කතා කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ප්‍රසිද්ධය. මොහුගේ මෙම ප්‍රකාශයන් ආවේ පසුගිය සඳුදා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් දැඩිව හා සෘජුව එක්සත් ජනපදයට බැනවැදීමෙන් පසුවය. මෙහිදී යුක්රේන යුද්ධය පිළිබඳවද සාකච්ඡා වූ අතර, චීන විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ යුක්රේන යුද්ධයේ දී දෙපාර්ශවයටම චීනය අවි ආයුධ ලබා නොදුන් බවත්, සාම සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා සිටි බවත්ය.
මෙහිදී විදේශ අමාත්‍යළුරයා ප්‍රශ්න කර තිබුණේ එක්සත් ජනපදය තායිවානයට ආයුධ විකුණමින් චීනය රුසියාවට ආයුධ සැපයීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නේ කෙසේද යන්නයි.
සශිකලා මධුෂාණී_