ඩොලරයේ මිල රුපියල් 300 ආසන්නයට එයි: ධනනාත් ප්‍රනාන්දු

Date:

ආර්ථික විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා පවසන්නේ, IMF මූල්‍ය පහසුකම හරහා ශ්‍රී ලංකාවට දොරටු රැසක් විවෘත වෙනු ඇති බව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබෙන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

“ඊළඟ තීරණය තමයි IMF අරමුදල නිවේදනයක් නිකුත් කරයි.. අපි ශ්‍රී ලංකාවත් සමග මේ ගිවිසුමත් සමග එකඟවෙනවා කියලා. ඊට පස්සේ පළවෙනි වාරිකය නිදහස් කරයි.”

“මම හිතන්නේ අපිට පළමු අදියරේදී IMF එකෙන් ඩොලර් මිලියන 300 – 350ක් වගේ ලැබෙයි.”

“IMF එකේ මුදල් වෙන කොහෙටවත් යන්න බැහැ. යන්නේ කෙලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිතවලට. එකතොට ඔවුන්ගේ සංචිත වැඩි වුණාම අපේ ණය වාර්ගීකරණය වැඩිවෙනවා. එතනින් අපිට තවත් දොරවල් අරින්න පුළුවන්… සල්ලි තියෙන ගොඩක් රාක්කවල. ඒවා ණයට තමයි ලැබෙන්නේ. නමුත් දැන් තියෙන තත්ත්වය උඩ ණයටවත් ගන්න බැහැ.”

“ජනතාවටත් යම්කිසි සහනයක් ලැබෙයි. පුරෝකථනයක් දෙන්න අමාරුයි.. සාමාන්‍යයෙන් ඩොලරයේ මිල රුපියල් 300 ආසන්නයට එයි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...