ශ්‍රී ලංකාවට සහාය ලබාදීම පිළිබඳ වැඩසටහන මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි.
චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ තම ප්‍රශංසාව පළ කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කර ඇත.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
RN