ඩොලරයේ මිල අද දිනයේ තවත් තරමක් පහළට !

Date:

වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව අද (08) දිනයේත් ඇමරිකානු ඩොලරයක මිල තරමක් පහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ලංකා බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 322.50 ක් සහ 337.50ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 315.00 ක් සහ 335.00 වශයෙන් සටහන්ව ඇත.

සම්පත් බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 335 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 315 ක් සහ 330 ක් වශයෙන් සටහන්ව ඇත.

ඊයේ දිනයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල රු. 313 ක් සහ 335 ක් වශයෙන් පැවති අතර අද එය 308 ක් සහ 330 ක් වශයෙන් සටහන් කර තිබේ.

NDB බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 321 ක් සහ 335 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 305 ක් සහ 330 ක් වශයෙන් සටහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවෙහි ඊයේ දිනයේදී ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල රු. 315 ක් සහ 335ක් වශයෙන් සටහන්ව තිබුණු අතර අද දිනයේදී එය රු. 310 ක් සහ 330ක් වශයෙන් පහළ බැස ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...