මාර්තු මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීමේ හෝඩුවාවක්

Date:

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසන අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, මාර්තු මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

රජයේ මුද්‍රණාලය පැවසුවේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මැතිවරණයේ සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා අද දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බවත්ය.

මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 400 කට අධික මුදලක්වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරනැ බවත්, මේ වනවිට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාව ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ද අද දිනයේ ඉල්ලීමක් කරන බව රජයේ මුද්‍රණාලය පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...

පුංචි ජන්දේ ආදායම් වියදම් වාර්තා නොදුන් ලැයිස්තුව පොලීසියට!

කොළඹ LNW:ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන...

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...